AFC Banner
Empty Ad
Empty Ad

අර්ජුන ආ සතුටට දඹුල්ලේ ජනයා කිරිබත් කයි (ඡායාරූප)

ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීම සහ එහි සභාපතිවරයා වශයෙන් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත් කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් දඹුල්ල ප්‍රදේශයේ ජනයා කිරිබත් පිස, සිය සතුට සමරා තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (07) පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයේ ජනතාව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අසල කිරිබත් පිස අනුභවකර,රතිඤ්ඤා දල්වමින් මෙලෙස සතුට සැමරූ බවයි.

පැවති ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සේවයෙන් පහකරන ලද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සේවයේ නියුතු සේවකියින් පිරිසක් ද මේ සඳහා එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පැවති ක්‍රිකට් පාලක මණ්ඩලය තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නව ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් ඊයේ (06) දිනයේ පත් කරනු ලැබුවා.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් මෙම අතුරු පාලක මණ්ඩලයට සාමාජිකයින් හත්දෙනෙකු ඇතුළත් වනවා.

WhatsApp Image 2023 11 07 at 11.30.18 AM 1
WhatsApp Image 2023 11 07 at 11.30.18 AM
WhatsApp Image 2023 11 07 at 11.30.19 AM 1
WhatsApp Image 2023 11 07 at 11.30.22 AM
WhatsApp Image 2023 11 07 at 11.30.21 AM 1
WhatsApp Image 2023 11 07 at 11.30.21 AM
WhatsApp Image 2023 11 07 at 11.30.20 AM 1
WhatsApp Image 2023 11 07 at 11.30.20 AM
WhatsApp Image 2023 11 07 at 11.30.19 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
5
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?