දිවා ආහාරය විෂ වීමෙන් 30කට අධික පිරිසක් රෝහල්ගත කෙරේ

මීගොඩ ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් ආයතනයකින් අද දිවා ආහාරයට ලබා දුන් ආහාර විෂ වී ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් එහි සේවක සේවිකාවන් 33 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ඉන් 20 දෙනෙකු හෝමාගම මූලික රෝහලටත්, තවත් 13 දෙනෙකු පාදුක්ක දිසා රෝහලටත් ඇතුළත් කර ඇති බවයි.

ඉන් 12 දෙනෙකු ම කාන්තාවන් බව ද පොලිසිය පවසනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 20-45 යන වයස් සීමාවල පසුවන සේවක සේවිකාවන්.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තා වනවා.

මෙම ඇඟලුම් කර්මාන්තයේ 350 දෙනෙකු පමණ සේවයේ නිරත වන බවත්, ඉන් කොටසක් කම්හලෙන් දිවා ආහාරය ගෙන ඇති බවත්, පසුව ඇති වූ වමනය, ක්ලාන්ත වීම සහ හිසේ කැක්කුම හේතුවෙන් ඔවුන් හට ඇඟලුම් කම්හලේ ප්‍රථමාධාර ඒකකයෙන් ප්‍රතිකාර කළ ද, එය ප්‍රමාණවත් නොවීම මත රෝහල්ගත කර තිබෙනවා.

ඇතැම් සේවකයින්ට වියළි කැස්සක් සමග් සමෙහි බිබිලි ද හටගෙන ඇති බවත් වාර්තා වනවා.

දිවා ආහාරයට තිබූ ව්‍යංජන අතර පරිප්පු, ගෝවා මැල්ලුමක්, බීට් සහ බැදපු මාළු තිබී ඇති අතර, මාළු ආහාරයට ගැනීමේ දී කට කැසීම, ක්ලාන්තය, වමනය ආදී රෝග ලක්ෂණ මතු වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැමිණ ආහාර සාම්පල ලබාගෙන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51