spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිවා ආහාරය විෂ වීමෙන් 30කට අධික පිරිසක් රෝහල්ගත කෙරේ

මීගොඩ ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් ආයතනයකින් අද දිවා ආහාරයට ලබා දුන් ආහාර විෂ වී ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් එහි සේවක සේවිකාවන් 33 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ඉන් 20 දෙනෙකු හෝමාගම මූලික රෝහලටත්, තවත් 13 දෙනෙකු පාදුක්ක දිසා රෝහලටත් ඇතුළත් කර ඇති බවයි.

ඉන් 12 දෙනෙකු ම කාන්තාවන් බව ද පොලිසිය පවසනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 20-45 යන වයස් සීමාවල පසුවන සේවක සේවිකාවන්.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තා වනවා.

මෙම ඇඟලුම් කර්මාන්තයේ 350 දෙනෙකු පමණ සේවයේ නිරත වන බවත්, ඉන් කොටසක් කම්හලෙන් දිවා ආහාරය ගෙන ඇති බවත්, පසුව ඇති වූ වමනය, ක්ලාන්ත වීම සහ හිසේ කැක්කුම හේතුවෙන් ඔවුන් හට ඇඟලුම් කම්හලේ ප්‍රථමාධාර ඒකකයෙන් ප්‍රතිකාර කළ ද, එය ප්‍රමාණවත් නොවීම මත රෝහල්ගත කර තිබෙනවා.

ඇතැම් සේවකයින්ට වියළි කැස්සක් සමග් සමෙහි බිබිලි ද හටගෙන ඇති බවත් වාර්තා වනවා.

දිවා ආහාරයට තිබූ ව්‍යංජන අතර පරිප්පු, ගෝවා මැල්ලුමක්, බීට් සහ බැදපු මාළු තිබී ඇති අතර, මාළු ආහාරයට ගැනීමේ දී කට කැසීම, ක්ලාන්තය, වමනය ආදී රෝග ලක්ෂණ මතු වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැමිණ ආහාර සාම්පල ලබාගෙන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?