හරක් කටාගේ පෙත්සමකට අදාළව කරුණු දක්වන්න නීතිපතිට කල් දෙයි

තමන්ව රඳවාගෙන සිටින රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අභියාචනාධිකරණය අද (06) නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

මෙම පෙත්සම අද (06) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් සැකකරුවකු රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝගයක් ලබාගැනීමට පෙර පොලීසිය විසින් එම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තා, කටඋත්තර පිටපත්, දිවුරුම් ප්‍රකාශ යනාදිය ආරක්ෂක අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු බව සඳහන් කළා.

එම තොරතුරු හා වාර්තා පරීක්ෂාවට ලක්කර ප්‍රමාණවත් සාක්ෂි පවතින බවට ආරක්ෂක අමාත්‍යවරයා නිගමනය කරන්නේ නම් පමණක් ඔහු විසින් අදාළ රැඳවුම් නියෝගය නිකුත් කරන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

එහෙත් හරක් කටා රඳවා ගැනීම සඳහා අවශ්‍ය කරන රැඳවුම් නියෝග ලබාගැනීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එවැනි පරීක්ෂණ වාර්තා හා ප්‍රකාශ ආරක්ෂක අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළ එම නීතිඥවරයා එම පරීක්ෂණ වාර්තා අධිකරණයට පවා ඉදිරිපත් කර නොමැති බවටත් චෝදනා කලා.

ඒ, අනුව අදාළ රැඳවුම් නියෝගය නීතිය ඉදිරියේ බල රහිත තත්ත්වයක පවතින බවයි නීතිඥවරයා සඳහන් කළේ.

මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර හරක් කටා නැමැත්තා විසින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට රුපියල් මිලියන 700 ක මුදලක් ලබාදීමට උත්සාහ කර ඇති බව කියන සිද්ධියක් මාධ්‍යවලින් අනාවරණය කර ඇතැයි පැවසුවා.

අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වී තිබෙන්නේ ඉතාම සංකීර්ණ පරීක්ෂණ කටයුත්තකට අදාළ නඩුකරයක් බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කාලය ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ, අනුව පෙත්සම යළි මේ මස 09 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එදින නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් සිදුකරන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32