රුසියානු යුවළට සුද්දයක් දී ගවුමක් ඇඳගෙන පළා ගිහින්

රුසියානු ජාතික යුවළක් නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයකට ඇතුළු වී ඇමරිකානු ඩොලර් 200ක්, රුපියල් 96,000ක්, ජංගම දුරකථනයක් ඇතුළු දේපළ සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත කළුතර උතුර පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

සැකකරු අඩි 20 කට ආසන්න උසකින් යුත් තාප්පයකින් පැන කාමරයට ඇතුල් වී අද (05) මෙම සොරකම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු පළායන අවස්ථාවේ දී සැක නොසිතෙන ආකාරයට රුසියානු ජාතික කාන්තාවගේ ගවුමක් ඇඳගෙන ගොස් ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

සොරකම සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී සොරකම් කළ මුදල්වලින් කොටසක් සහිත මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය මෙට්ටයක් යට සඟවා තිබිය දී සොයාගත් බව පොලිසිය පවසනවා.

සොරකම සිදුකර පළාඑන අවස්ථාවේ දී පාදයට සිදුවූ තුවාලයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා සැකකරු නිවසින් පිටව ගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11