දකුණු අප්‍රිකානුවන්ට දරුණු පරාජයක්

එක්දින ලෝක කුසලාන තරගවලියේ ඉන්දියාව සමඟ අද (05) පැවති තරගයෙන් දරුණු පරාජයක් අත්විදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිදු වුණා.

දකුණු අප්‍රිකානුවන් පරාජය කරමින් ඉන්දියාව මෙම තරගය ජය ගත්තේ ලකුණු 243කින්.

කොල්කටා හි ඊඩන් ගාර්ඩන් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 05කට ලකුණු 326ක් රැස් කළා.

මෙම තරගයේ ඉන්දීය ඉනිම වෙනුවෙන් අද දිනයේ 35 වන උපන්දිනය සමරන සුපිරි පිතිකරු විරාට් කෝලි සිය 49 වන ජගත් එක්දින ශතක රැස් කිරීමට සමත් වුණා.

ඉන්දීය ඉනිමට ශ්‍රෙයාස් අයියර් ලකුණු 77ක් එක් කළ අතර, නායක රෝහිත් ශර්මා ලකුණු 40ක් සහ රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 29ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් 05 දෙනෙක් එක් කඩුල්ල බැඟින් දවාගත්තා.

අනතුරුව ලකුණු 327ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ඉනිම සුණු විසුණු කරන්නට රවීන්ද්‍ර ජඩේජා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන් කටයුතු කළා.

එහිදී සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තාකළ ජඩේජා පන්දුවාර 09ක් තුළ ලකුණු 33කට කඩුලු 05ක් බිඳ දැමුවා.

මොහොමඩ් ශමී සහ කුල්දීප් යාදෙව් කඩුලු දෙක බැඟින් බිඳ දැමීමට සමත් වුණා.

අවසානයේ දකුණු අප්‍රිකානුවන්ට පන්දුවාර 27යි එක් පන්දුවක් තුළ සියල්ලන් දැඩි රැස්කර ගත හැකි වූයේ ලකුණු 83ක් පමණයි.

ඒ, අනුව මෙම තරගයෙන් ඉන්දීය පිළට ලකුණු 243ක දැවැන්ත ජයක් හිමි වුණා.

තරගයේ වීරයා ලෙස විරාට් කෝලි සම්මාන හිමිකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11