බදුල්ල – කොළඹ මාර්ගයේ හල්දුම්මුල්ල හා බෙරගල අතර බත්ගොඩ ප්රදේශයේ නායයාමක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනය වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ සමඟ විදුලි රැහැන් කඩාවැටීම හේතුවෙන් ප්රදේශයේ විදුලි සැපයුම ද බිඳ වැටී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.













