රට සහලින් ස්වයංපෝෂිත කරන්න වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉදිරි වගා කන්න 06 තුළ මෙරට වී වගාව දෙගුණයකින් ඉහළ නැංවීමට අවශ්‍ය සියලු පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මේ වනවිට රට සහලින් ස්වයංපෝෂිත මට්ටමකට ළඟාවී ඇතත් දිවයින පුරා පවතින සියලු කුඹුරුවලින් එකම මට්ටමේ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙරට සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 2.5 සිට 4.5 දක්වා වෙනස් වනවා.

එමෙන්ම ඇතැම් දිස්ත්‍රික්කවල ගොවි ජනතාව අග්නිදිග ආසියානු කලාපයේ හෙක්ටයාර් එකකට මෙතෙක් ලද ඉහළම වී අස්වැන්න වශයෙන් මෙට්‍රික් ටොන් 11ක් දක්වාත් වාර්තා කර තිබෙනවා.

මෙරට වී වගාව තුළ අස්වැන්න ඉහළ නැංවීමට මෙන්ම සහල්වල ගුණාත්මක තත්ත්වය ඉහළ නංවාගැනීම මගින් ශ්‍රී ලංකාවේ සහල් සඳහා ජාත්‍යන්තරය තුළ ඉහළ ඉල්ලුමක් ද පවත්වා ගැනීමට හැකියි.

මේ හේතුවෙන් වී අස්වැන්න වැඩි කර ගැනීම සඳහා වන නව තාක්ෂණය ගොවීන්ට හඳුන්වා දීම සඳහා විශේෂ වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලෙසට සහ ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබා දෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

දැනට මෙරට ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක්. වර්ෂයකට යල හා මහ කන්න දෙක තුළ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් මිලියන 1.3ක් වනවා. ඉන් දැනට ලබා ගත හැකි සමස්ත වී අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 5.2ක් පමණ වන බව සඳහන්.

එමගින් නිපදවා ගත හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 3.1ක් වන අතර මෙරට පාරිභෝජනය සඳහා වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් අවශ්‍ය වනවා.

දැනට අවශ්‍ය තරම් සහල් රට තුළ පැවතියත් රජයේ ආහාර සුරක්ෂිතතා වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහාත්, මහජනතාවට අවම මිලක් යටතේ සහල් පාරිභෝජනය සඳහා ඉඩතඩ සැලසීමත් අරමුණු කර ගනිමින් මෙරට වී නිෂ්පාදනය ඉහළ නැංවීම රජයේ ඉළක්කය බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

2023 වර්ෂය තුළ කෘෂිකර්මාන්තය සඳහා රුපියල් බිලියන 132ක මුදලක් ජනාධිපතිවරයා විසින් ලබා දුන් අතර 2024 වර්ෂය තුළ ගොවි ජනතාවට වී වගාවේ නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා වැඩිපුර මුදල් රජය විසින් ලබා දෙනු ඇතැයි ද මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

පසුගියදා පැවැති දකුණු පළාත් කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීමේ දීයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48