ඩෙංගු කීටයින්, පිළිකා හඳුනාගැනීම සහ සම්භාහන කටයුතුවලට පොලිස් නිල සුනඛයින්

ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිල සුනඛ කොට්ඨාශය පස් අවුරුදු සැලැස්මක් යටතේ නවීන තාක්ෂණය සමඟින් සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඒ, අනුව මෙම පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ සිටින නිලධාරීන් සහ නිල සුනඛයින් සංඛ්‍යාත්මකව වැඩිකර නවීන තාක්ෂණය ද මුසු කරගනිමින් ජාත්‍යන්තර මට්ටමේ පොලිස් නිල සුනඛ කොට්ඨාසයක් දක්වා පුළුල් කරන බවයි ඔහු සඳහන් කළේ.

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයේ පැවති 75 වැනි පොලිස් නිල සුනඛ සැමරුම් වැඩසටහනට ඊයේ (04) එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

අපරාධ සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම ඇතුළු පොලිසියට පැවරෙන රාජකාරී කටයුතුවලට සහායක් ලෙස යොදා ගන්නා පොලිස් නිල සුනඛ සේවය වර්තමානයේ දී ඩෙංගු මදුරු කීටයන් සොයාගැනීම දක්වා පැමිණ ඇති බවත්, ඉදිරියේ දී ලොව අනිකුත් රටවල මෙන් පිළිකා වැනි විවිධ ලෙඩ රෝග හඳුනාගැනීම මෙන්ම සම්භාහන කටයුතු සදහා ද මෙම සේවාව ව්‍යාප්ත කිරීමේ හැකියාව තිබෙන බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

1948 වසරේ දී පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් සහ පොලිස් නිල සුනඛයන් දෙදෙනකුගෙන් ආරම්භ කළ පොලිස් නිල සුනඛ සේවය 1960 වසරේ වෙනම අංශයක් ලෙසත්, පසුව 1990 දී වෙනම පොලිස් කොට්ඨාශයක් බවට පත්කර තිබෙනවා.

අද වන විට මෙම කොට්ටාශයේ නිලධාරින් 325ක් සහ පොලිස් නිල සුනඛයන් 265ක් සේවයේ යෙදී සිටිනවා.

නිල සුනඛ කොට්ඨාශය හා සම්බන්ධව අපරාධ මැඩලීම, පුපුරණ ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය සොයාගැනීම, ආන්දෝලනාත්මක අපරාධ විසඳීම ඇතුළුව විශිෂ්ට දක්ෂතා දැක් වූ නිලධාරීන් ඇගයීම ද මෙහිදී සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23