පාකිස්ථානයට ලකුණු 21ක ජයක්

නවසීලන්ත කණ්ඩායම සමග අද පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 21ක ජයක් ලබා ගැනීමට පාකිස්ථාන කණ්ඩයාම සමත්වුණා. තරගය පැවැත්වුණේ බැංගලුරු හිදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 401ක් රැස් කළා.

Rachin Ravindra හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 108ක් රැස් කළා. නායක Kane Williamson ලකුණු 95යි. පන්දු යැවීමේදී Mohammad Wasim නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 3ක් දවා ගත්තා.

ඒ අනුව තරගය ජය ගැනීමට පාකිස්ථානයට හිමිවූ ඉලක්කය ලකුණු 402ක්.

වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් පාකිස්ථාන පිළිතුරු ඉනිම පන්දුවාර 21යි පන්දු 3කදී තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

ඒ වන විට ඔවුන් එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 160ක්. පැයකටත් වැඩි කාලයක ප්‍රමාදයකින් පසු යළිත් තරගය ආරම්භ කරනු ලැබුවේ ඩක්වත් ලුවිස් න්‍යාය අනුව තරගය ජය ගැනීමට පාකිස්ථානයට පන්දුවාර 41කදී ලකුණු 341ක ඉලක්කයක් ලබා දෙමින්.

යළිත් තරගය පන්දුවාර 25යි පන්දු 3කදී නතර කිරීමට සිදු වූයේ වර්ෂාව පතිත වීම හේතුවෙන්. ඒ වන විට පාකිස්ථාන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 200ක් ලබා සිටියා.

Fakhar Zaman නොදැවී ලකුණු 126ක් ලබා ගත්තා. ඔහු ශතකය වාර්තා කළේ පන්දු 63කින්. එම ලකුණු 100ට හතරේ පහර 6ක් සහ හයේ පහර 9ක් ඇතුලත්. මෙය පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලබා ගත් වේගවත්ම ශතකය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. නායක Babar Azam නොදැවී ලකුණු 66යි.

වර්ෂාව හමුවේ තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වීම හේතුවෙන් තරගයේ ජය පරාජය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව තෝරා ගැනීමට තීරණය කෙරුණු අතර ඒ අනුව ජය හිමිවූයේ පාකිස්ථානයටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14