අධිකරණ ගබඩාවෙන් කේරළ ගංජා සොරකම් කළ 4ක් අත්අඩංගුවට

නඩු කටයුතු වෙනුවෙන් කිලිනොච්චිය අධිකරණ සංකීර්ණයේ ගබඩා කර තිබු කේරළ ගංජා කිලෝ 140ක් සොරාගත් අධිකරණ සේවකයෙකු ඇතුළු 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (03) අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පසුගිය මාසයේ කේරළ ගංජා සොරකම සිදු කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඔවුන් අධිකරණ සංකීර්ණයේ නඩු භාණ්ඩ ගබඩාවේ දොරගුළු කඩා එහි තිබූ කේරළ ගංජා තොගය සොරාගෙන ගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් සිදු කළ විමර්ශනයක් අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයන් කිලිනොච්චිය ප්‍රදේශයේම පදිංචි පිරිසක් වන අතර ඔවුන් අදාළ කේරළ ගංජා තොගය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමට රැගෙන ගොස් තිබූ බවටයි අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසියයි වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59
Video thumbnail
ආණ්ඩුවේ වැඩ නිසා රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..අපි හදපු දරුවව පෝෂණය කරගන්න ආණ්ඩුවට බෑ
11:23
Video thumbnail
ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් වෙනවා
04:36
Video thumbnail
සෙනඟත් එක්ක ආ නාමල්ට සහ ශිරන්තිට කැබිනට් ඇමතිගෙන් සැර කතාවක්..දේශපාලන සංදර්ශන අවශ්‍ය වෙන්නේ නෑ
04:53
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56


?