ඉන්දීය මුදල් ඇමතිනිය යාපනයේ සංචාරයක (ඡායාරූප සහ වීඩියෝ)

තුන් දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මාලා සීතාරාමන් මහත්මිය අද (03) යාපනය සංචාරයෙන් පසුව පලාලි ගුවන් තොටුපොළින් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

යාපනයේ නව තාක්ෂණ හා නිපැයුම් වෙළඳ ප්‍රදර්ශනය නිරීක්ෂණයට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍යවරිය පිළිගනු ලැබුවේ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින්.

යාපනයට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍යවරිය යාපනය පුස්තකාලය හා නල්ලූර් කෝවිල නිරීක්ෂණය කළ අතර, යාපනය ඉන්දීය අයෝජන බැංකු ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ද එක් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

යාපනය සංස්කෘතික ශාලාවේ පැවති හමුවේදී අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එදා සිටම සමීප සබඳතාවයක් පවතින අතර මෙරට අවශ්‍ය අවස්ථාවන්හීදී විවිධ අයුරින් සහයෝගය දැක්වීම ගෞරවයෙන් සිහිපත් කළ යුතු බවයි.

උතුරේ මෙන්ම මෙරට ජනතාවගේ ජීවන තත්වය නංවාලීමට, නිවාස ව්‍යාපෘති ඇතුලු සංවර්ධන වැඩසටහන් සඳහා දායකත්වය ලබාදීම මෙන්ම විශේෂයෙන් යුද්ධය නිමාවීමෙන් පසුව මෙම පළාත සංවර්ධනය උදෙසා ඉන්දීය රජය දැක්වූ දායකත්වය පළිබඳව ස්තූතිය පුද කළ යුතු බවයි ආණ්ඩුකාරවරිය සඳහන් කළේ.

එමෙන්ම රටට ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලබාගැනීමේදී ඉන්දීය රජය පූර්ණ සහය ලබාදීම පිළිබඳව සිහිපත් කළ ආණ්ඩුකාරවරිය ඉන්දීය මුදල් අමාත්‍යවරියගේ සංචාරය මෙරට හා ඉන්දියාව අතර සමීපතාවය තවදුරටත් වර්ධනය කිරීමට පිටිවහලක් වනු ඇතැයි ද කියා සිටියා.

මෙම වැඩසටහන් අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුලු පිරිසක් ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47