ඉන්දියාවෙන් සහතිකයක්

සංචාරක ව්‍යාපාරය, තිරසාරභාවය, කෘෂිකාර්මික නවීකරණය සහ ඩිජිටල්කරණය කෙරෙහි අවධානය යොමු කරමින් නව වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැගීමේ ශ්‍රී ලංකාවේ දැක්මට සහය ලබා දෙන බවට ඉන්දියාව සහතික වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී යි මෙම සහතිකය ලබාදී ඇත්තේ.

කොළඹ ජනාධිපති මන්දිරයේ පැවති රැස්වීමේදී අමාත්‍ය සීතාරාමන් මෙම මුලපිරීම අගය කළ අතර තාක්‍ෂණික සහයෝගීතාවයෙන් ඉන්දියාවට ප්‍රමුඛ හවුල්කරු බවට පත්විය හැකි බව සඳහන් කර තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකා රජය සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවයි මුදල් අමාත්‍යවරිය ප්‍රකාශ කළේ.

ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ 200 වැනි සංවත්සර උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස තමාට ආරාධනා කිරීම පිළිබඳව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ජනාධිපතිවරයා වෙත ස්තුතිය පළ කළ අතර උත්සවයේ විශිෂ්ට ලෙස සංවිධානය කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයාට ප්‍රශංසා කර තිබෙනවා.

ආර්ථික අර්බුදයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් බහුවිධ සහය ජනාධිපති වික්‍රමසිංහ මහතා ඇගයීමට ලක් කර ඇති අතර ආර්ථික හා වාණිජ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා-ඉන්දියා ඒකාබද්ධ මුලපිරීම් පිළිබඳව ඔවුන් සාකච්ඡා කළ බව සඳහන්.

ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් පිළිබඳ මෑතකාලීන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව ද ඉන්දීය මුදල් අමාත්‍යවරිය තෘප්තිමත් වූ අතර ආයෝජන පදනම් කරගත් සහාය සහ ද්විපාර්ශ්වික ආයෝජන ගිවිසුම පිළිබඳව සිය අදහස් බෙදා ගනු ලැබුවා.

මන්නාරමේ අන්තර්ජාල සම්බන්ධතා, ගුවන් සේවා, බලශක්ති ව්‍යාපෘති සහ තෙල් ගවේෂණ කටයුතු සම්බන්ධයෙන් ද දෙපිරිස සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට අදාළ ලිපි හුවමාරු කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ආගමික ස්ථානවල සූර්ය බලශක්තිය විද්‍යුත්කරණය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීමට ද ඔවුන් එක්වුණා.

මෙම ව්‍යාපෘතිය සඳහා, බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති ඉන්දීය රුපියල් බිලියන 1.07ක ප්‍රදානයෙන් ඉන්දීය රුපියල් මිලියන 820ක් ඉන්දියාව වෙන් කරනු ඇති.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වෙනස්වන තත්ත්වය හමුවේ මෙම ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා රුපියල්වලින් ඉන්දියානු රුපියල දක්වා විනිමය හුවමාරුවක් සිදු කිරීමට දෙරටම එකඟ වී ඇති අතර එය පවතින වෙළෙඳ පොළ තත්ත්වයට අනුකූලව සකස් කිරීමට ද එකඟතාව පළවී තිබෙනවා.

මෙම එකඟතාව හුවමාරු කරගත් රාජ්‍ය තාන්ත්‍රික ලේඛන මගින් විධිමත් කරනු ලබන අතර, එය ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇති.

දෙරට අතර ඇති කරගත් එකඟතාවන්ට අනුව ද්වීපාර්ශ්වික ලේඛන හුවමාරු කර ගැනීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ඉදිරියේ සිදු කරනු ලැබුවා.

  1. OYALA MEKA NOTICE KALEYI NATHI DHA? API INDIA EKKA MATCH EKAK GAHANNA KALIN INDIA APITA MOKAK HARI DEYAK NOMILE DEELA DANAWA, ANTHIMA SAREYI DUNNA AWURUDU 40 GANAK PARANA KABAL DONIER PLANE EKAK REPAIR KARALA. ITA KALIN MATCH EKEDHI DUNNA BUS SIYA GANAK NAYATA. ITA KALIN DUNNA POWER SET TRAIN KIHIPAYAK. ITATH KALIN DUMATCH WALADHI DUNNA KABAL NEWAK REPAIR KARALA. OKA PATAN GATHTHE MAHELA CAPTAIN UNA 2011 MATCH EKEDHI, API UTA BANNATA UTATH KARANNA DEYAK NAHE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47