ලංගම කොන්දොස්තරවරයෙකුට ප්‍රයිවට් කොන්දොස්තරවරයෙකුගෙන් පහරදීමක්

ලංකා ගමනාගමන මණ්ඩලයේ ගිරිඋල්ල ඩිපෝවට අයත් බස් රථයක සේවය කරන කොන්දොස්තරවරයෙකුට පුද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දංකොටුව පොලීසිය පැවසුවේ ඊයේ පස්වරු 06ට පමණ දංකොටුව – දළුවෙල ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදු වී ඇති බවයි.

පහරකෑමට ලක්ව ඇත්තේ දසනායක මුදියන්සේලාගේ මධුසංඛ දසනායක නම් අයෙක්.

ගිරිඋල්ල ඩිපෝවට අයත් බස් රථයක් ඊයේ සවස 6.55 ට මීගමුවෙන් කුරුණෑගල බලා ගමන් ආරම්භ කර ඇති අතර, එම බස් රථය අතරමග දී කාර්මික දෝෂයකට ලක් ව තිබෙනවා.

පසුව බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර විසින් බස් රථයේ ඇති වූ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කරගෙන නැවත කුරුණෑගල බලා ගමන් කිරීමට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතරතුර පසුපසින් මීගමුවේ සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් ද පැමිණ තිබෙනවා.

පහරදීම සිදු කර ඇත්තේ එම බස් රථයේ කොන්දොස්තරවරයා බවටයි පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ.

ලංගම බස් රථය ප්‍රමාද වී ධාවනය කිරීම පහරදීමට හේතුව බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් පහර දුන් සැකකාර කොන්දදොස්තරවරයා අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් දංකොටුව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10