පොලිසියෙන් කොන්ත්‍රාත් මුදල් ඉල්ලා පුද්ගලයෙක් ගසක් උඩ විරෝධතාවයක

තමන්ට හිමි කොන්ත්‍රාත් මුදලක් ලබා නොදීමට විරෝධය පළ කරමින් පුද්ගලයෙකු බේරුවල නගරය ආසන්නනයේ ගසකට නැග විරෝධතාවයක නිරත වී තිබෙනවා.

තමන් මීට මාස 4කට පමණ පෙර මතුගම පොලිස් ස්ථානයේ ටෙන්ඩර් පටිපාටියකින් ලබාගත් ඉදි කිරීමකට අදාළ මුදල කලුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය තමාට ලබා නොදුන් බව පවසමිනුයි ඔහු මෙම විරෝධතාවයේ නිරත වන්නේ.

බේරුවල කාලවිල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙම පුද්ගලයා බේරුවල නගරයේ ගසකට නැග විරෝධය පාමින් සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා අදාළ කොන්ත්‍රාත්තුව නිසි පරිදි අවසන් කර නොමැති බැවින් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය මතුගම ප්‍රාදේශීය සභාවෙන් නොලැබීම හේතුවෙන් අවශ්‍ය කොන්ත්‍රාත් මුදල ලබා දිය නොහැකි බවයි.

තමාට අදාළ මුදල නිසි පරිදි නොලැබීම හේතුවෙන් අදාළ මුදල ලැබෙන තෙක් ගස මත සිට විරෝධය ප්‍රකාශ කරන බවයි එම පුද්ගලයා ප්‍රකාශ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15