විවාහ වෙබ් අඩවියෙන් හඳුනාගත් තරුණියට විසිහතේ තරුණයා කර ඇති අපරාධය

විවාහය සඳහා සහකරුවන් හා සහකාරියන් සොයාගත හැකි වෙබ් අඩවියකින් මුණගැසුණු 24 හැවිරිදි තරුණ කාන්තාවක් අවස්ථා ගණනාවක දී ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 27 හැවිරිදි සැකකරුවෙක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බව ඉන්දීය පොලිසිය පවසනවා.

ඒ, අපයෝජනයට ලක් වූ බව කියන තරුණ කාන්තාව විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

2019 වසරේ දිල්ලි ගුවන් තොටුපලේ සේවය කරමින් සිටිය දී අදාළ තරුණියට මෙම පුද්ගලයා විවාහ වෙබ් අඩවියක් හරහා මුණගැසී ඇති බවයි වාර්තා වන්නේ.

තමන් ව්‍යාපාරිකයෙකු ලෙස හඳුන්වා දී ඇති සැකකරු තරුණිය සමඟ පැවති ඇසුර වැඩිවීමත් සමඟ තම නිවසට ද පැමිණීමට හුරුව සිටි ඇති බවයි තරුණිය පොලිසිය පවසා ඇත්තේ.

2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී තරුණිය මතුරා ප්‍රදේශයේ පිහිටි තම නිවසේ තනිව සිටින විට එම පුද්ගලයා එහි පැමිණ විවාහවන බව පවසමින් තමන් සමඟ කායික සබඳතාවක් ගොඩනඟා ගත් බව තරුණිය සිදුකළ පැමිණිල්ලේ සඳහන්.

ඉන් පසුව සැකකරු තරුණියගේ දිල්ලි නුවර පිහිටි මහල් නිවාසයට සහ මතුරා හි නිවසට නිරන්තරයෙන් පැමිණ අවස්ථා කිහිපයකදීම කායික සබඳතා පැවැත් වූ බවත් ඇය පොලිසියට පවසා තිබෙනවා.

එහිදී තමන් ගැබ්ගත් බව ප්‍රකාශ කර ඇති තරුණිය 2022 වසරේ නොවැම්බර් මාසයේ දී සැකකරු විසින් වංචනික ලෙස ඖෂධයක් ලබා දී ගබ්සාවක් සිදුකළ බවට ද තරුණිය පොලිසිය පවසා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් තමන්ව විවාහ කරගන්නා ලෙස අදාළ පුද්ගලයාගෙන් ඉල්ලා සිටි බවත්, එම අවස්ථාවේ දී ඇයගේ පවුලේ සාමාජිකයන් මරා දමන බවට සහ ඇගේ පෞද්ගලික ඡායාරූප ප්‍රසිද්ධකරන බවට තර්ජනය කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

තමන් මේ වනවිට බියෙන් පසුවන බවත්, රැකියාව පවා යාමට අපහසු තත්ත්වයක් උදාවී ඇති බවත් එම තරුණ කාන්තාව පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරු සොයා මේ වනවිටත් විමර්ශන අරඹා ඇති බව ඉන්දීය පොලිසිය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38