විවාහය සඳහා සහකරුවන් හා සහකාරියන් සොයාගත හැකි වෙබ් අඩවියකින් මුණගැසුණු 24 හැවිරිදි තරුණ කාන්තාවක් අවස්ථා ගණනාවක දී ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 27 හැවිරිදි සැකකරුවෙක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බව ඉන්දීය පොලිසිය පවසනවා.
ඒ, අපයෝජනයට ලක් වූ බව කියන තරුණ කාන්තාව විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි.
2019 වසරේ දිල්ලි ගුවන් තොටුපලේ සේවය කරමින් සිටිය දී අදාළ තරුණියට මෙම පුද්ගලයා විවාහ වෙබ් අඩවියක් හරහා මුණගැසී ඇති බවයි වාර්තා වන්නේ.
තමන් ව්‍යාපාරිකයෙකු ලෙස හඳුන්වා දී ඇති සැකකරු තරුණිය සමඟ පැවති ඇසුර වැඩිවීමත් සමඟ තම නිවසට ද පැමිණීමට හුරුව සිටි ඇති බවයි තරුණිය පොලිසිය පවසා ඇත්තේ.
2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී තරුණිය මතුරා ප්‍රදේශයේ පිහිටි තම නිවසේ තනිව සිටින විට එම පුද්ගලයා එහි පැමිණ විවාහවන බව පවසමින් තමන් සමඟ කායික සබඳතාවක් ගොඩනඟා ගත් බව තරුණිය සිදුකළ පැමිණිල්ලේ සඳහන්.
ඉන් පසුව සැකකරු තරුණියගේ දිල්ලි නුවර පිහිටි මහල් නිවාසයට සහ මතුරා හි නිවසට නිරන්තරයෙන් පැමිණ අවස්ථා කිහිපයකදීම කායික සබඳතා පැවැත් වූ බවත් ඇය පොලිසියට පවසා තිබෙනවා.
එහිදී තමන් ගැබ්ගත් බව ප්‍රකාශ කර ඇති තරුණිය 2022 වසරේ නොවැම්බර් මාසයේ දී සැකකරු විසින් වංචනික ලෙස ඖෂධයක් ලබා දී ගබ්සාවක් සිදුකළ බවට ද තරුණිය පොලිසිය පවසා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් තමන්ව විවාහ කරගන්නා ලෙස අදාළ පුද්ගලයාගෙන් ඉල්ලා සිටි බවත්, එම අවස්ථාවේ දී ඇයගේ පවුලේ සාමාජිකයන් මරා දමන බවට සහ ඇගේ පෞද්ගලික ඡායාරූප ප්‍රසිද්ධකරන බවට තර්ජනය කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
තමන් මේ වනවිට බියෙන් පසුවන බවත්, රැකියාව පවා යාමට අපහසු තත්ත්වයක් උදාවී ඇති බවත් එම තරුණ කාන්තාව පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරු සොයා මේ වනවිටත් විමර්ශන අරඹා ඇති බව ඉන්දීය පොලිසිය සඳහන් කරනවා.














NEETHIYENUTH PILIGATH DEYAK THAMAYI GEHENIYAK BALEN DUSHANAYA KARANNA ITHAMA AMARUYI. EKAYGE DHADI WIRODHATHAWAYA, EYAGE SWABHAWIKAWAMA AKASHAKARE LESA ADHALA STHANAYA SURASHITHAWA AWARANAYA WEE THIBEEMA SAHA KSHANIKAWA GEHENIYAKATA ATHMARAKSHAWA GENA ATHIWENA HANGEEMA NISA BIYA NATHI WEE NIRBHAYAWAMA PRATHIRODHAYAK DAKWEEMA AKRAMANIKAYA ANDUN KALA HAKI WEEMA SAHA BERINAM AWANATHA WANA BAWA PENWA GRAHANAYA LIIL KARAWAGENA PAHARA DEE PALA YEMA. GEHENU EKAKATA WADA ESURU KALA ONEMA KENEK DANNAWA GEHENIYAKAGE DURWALA THAN SAHA SITHHE DURWALA THAN. EHEN GEHENIYA AWANATHA HO MELLA KARA GATHA HAKI AKARAYA. EYA CHATU ADARA KATHAWA, NILA SARSHAYA HO PIRIMADHEE SIPAGANEEM WAN IDEWAL. EYITA PASU GEHENIYA SIYALU BADHAKA EYA WISINMA IWATH KARA PIRIMIYATA SAMEEPAWEEMATA SAHA OHUTA KALA HAKI HEMA DEYAMA KIREEMATATH, EYATA IDA DEEMATATH, SAHAYOGAYA DEEMATATH,,PELAMBAWEMATATH, UNANDHU KARAWEEMATATH MUL WENAWA. EKA GODAK GEHENUN GE THIYENA DEYAK, ADU PADUWAK WERADDAK NOWEYI.