ක්‍රිකට්වලට දිරිදුන් ‘පර්සි අංකල්’ දිවිගමනට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දීර්ඝ කාලයක සිට ඔල්වරසන් දෙමින්, සිය රටෙහි ජාතික ධජය ඔසවා ගනිමින් ක්‍රීඩාගාරය මෙන් ම ජය පැරදුමෙන් පසු වුව ද, පිටිය පුරා සිය රටේ ක්‍රීඩකයින් වෙනුවෙන් ශක්තියක් වුණු ක්‍රීඩකයින් දිරිගන්වන්නෙක් ලෙස කටයුතු කළ ‘පර්සි අබේසේකර’ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

වර්ෂ 1936 ජූලි 30 වැනි දින ගාල්ල – බූස්සේ දී උපත ලද මෙම ක්‍රිකට් දිරිගන්වන්නා කා අතරත් ප්‍රසිද්ධ වූයේ ‘පර්සි අංකල්’ යනුවෙන්.

සම්පූර්ණ නමින් ඩබ්ලිව්. ඩී. පර්සි ගිම්සන් මෙන්ඩිස් අබේසේකර වන ඒ මහතාගේ ආදරණීය මව සහ පියා වූයේ ඩොලී මාග්‍රට් ද සොයිසා සිරිවර්ධන සහ වලිමුණි සයිමන් මෙන්ඩිස් අබේසේකර යන අයයි.

පර්සි අංකල් වර්ෂ 1968 දී මොරටුවේ මෙලනි ද සිල්වා සමග යුග දිවියට එළඹෙනවා.

පුතෙකුගේ සහ දියණියකගේ ආදරණීය පියෙකු වන ඒ මහතා හට මුනුබුරන් සහ මිනිබිරියන් ද සිටිනවා.

සිය අධ්‍යාපනික කටයුතු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, බැද්දේගම සිරි රතනසාර විද්‍යාලයෙන් සහ කොළඹ ඇක්වයිනාස් විශ්වවිද්‍යාල විද්‍යාලයෙන් නිමකරන්නටයි පර්සි අබේසේකරයන්ට හැකි වූයේ.

සිංහ ධජය ඔසවාගනිමින් ශ්‍රී ලංකාව ක්‍රිකට් තුළින් ජාත්‍යන්තරයට ගෙන යාමට දිරිගන්වන්නෙකු ලෙස පර්සි අංකල්ගෙන් සිදු වූ සේවාව විශිෂ්ට බවට ඕනෑම අයෙක් පිළිගන්නා කරුණක්.

වර්ෂ 1979 දී ක්‍රිකට් ක්‍රීඩා කර ඇති පර්සි අංකල් ශාන්ත ඇලෝසියස් විද්‍යාලය 2 වන XI, ඩේලි නිවුස් කුසලානයේ ඇක්වයිනාස් විශ්වවිද්‍යාලය සහ කොළඹ රයිෆල් ග්‍රීන් (ගුවන් හමුදා ක්‍රීඩාංගණය) හි දී ලේක්හවුස් කණ්ඩායම පරදවා වර්ෂ 1968 දී වෙළෙඳ සේවා ‘ජී’ කොටසේ ශූරතාව දිනාගත් පළමු AMW ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් චරිතයයි.

සිය වෘත්තියෙන් පෞද්ගලික මෝටර් රථ සමාගමක සහ ප්‍රසිද්ධ කේබල් කර්මාන්ත ශාලාවක නිලධාරියෙකු ලෙස ද කටයුතු කළ පර්සි මහතා ගැන පාකිස්ථාන චියර්ලීඩර් සුෆි අබ්දුල් ජලීල් සඳහන් කර ඇත්තේ තමන්ට ද අවශ්‍ය ව ඇත්තේ පර්සි කෙනෙක් වීමට බව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු ජාත්‍යන්තර තරගය ද නරඹා ඇති ආදරණීය පර්සි අංකල්ගේ ඔල්වරසන් දීම ආරම්භ වී ඇත්තේ 1950 ගණන්වල දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව බවයි වාර්තා වන්නේ.

කවදත් තරග ජය – පැරදුමේ පවා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ ඔල්වරසන් ක්‍රීඩකයින් වෙනුවෙන් එසවුණේ රට වෙනුවෙන් මෙන් ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තිබූ අසීමිත ඇල්ම නිසාවෙන්.

අද දිනයේ දී පර්සි අබේසේකරයන් අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 87 හැවිරිදි වියෙහි පසුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
14
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?