ක්‍රිකට්වලට දිරිදුන් ‘පර්සි අංකල්’ දිවිගමනට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දීර්ඝ කාලයක සිට ඔල්වරසන් දෙමින්, සිය රටෙහි ජාතික ධජය ඔසවා ගනිමින් ක්‍රීඩාගාරය මෙන් ම ජය පැරදුමෙන් පසු වුව ද, පිටිය පුරා සිය රටේ ක්‍රීඩකයින් වෙනුවෙන් ශක්තියක් වුණු ක්‍රීඩකයින් දිරිගන්වන්නෙක් ලෙස කටයුතු කළ ‘පර්සි අබේසේකර’ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

වර්ෂ 1936 ජූලි 30 වැනි දින ගාල්ල – බූස්සේ දී උපත ලද මෙම ක්‍රිකට් දිරිගන්වන්නා කා අතරත් ප්‍රසිද්ධ වූයේ ‘පර්සි අංකල්’ යනුවෙන්.

සම්පූර්ණ නමින් ඩබ්ලිව්. ඩී. පර්සි ගිම්සන් මෙන්ඩිස් අබේසේකර වන ඒ මහතාගේ ආදරණීය මව සහ පියා වූයේ ඩොලී මාග්‍රට් ද සොයිසා සිරිවර්ධන සහ වලිමුණි සයිමන් මෙන්ඩිස් අබේසේකර යන අයයි.

පර්සි අංකල් වර්ෂ 1968 දී මොරටුවේ මෙලනි ද සිල්වා සමග යුග දිවියට එළඹෙනවා.

පුතෙකුගේ සහ දියණියකගේ ආදරණීය පියෙකු වන ඒ මහතා හට මුනුබුරන් සහ මිනිබිරියන් ද සිටිනවා.

සිය අධ්‍යාපනික කටයුතු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, බැද්දේගම සිරි රතනසාර විද්‍යාලයෙන් සහ කොළඹ ඇක්වයිනාස් විශ්වවිද්‍යාල විද්‍යාලයෙන් නිමකරන්නටයි පර්සි අබේසේකරයන්ට හැකි වූයේ.

සිංහ ධජය ඔසවාගනිමින් ශ්‍රී ලංකාව ක්‍රිකට් තුළින් ජාත්‍යන්තරයට ගෙන යාමට දිරිගන්වන්නෙකු ලෙස පර්සි අංකල්ගෙන් සිදු වූ සේවාව විශිෂ්ට බවට ඕනෑම අයෙක් පිළිගන්නා කරුණක්.

වර්ෂ 1979 දී ක්‍රිකට් ක්‍රීඩා කර ඇති පර්සි අංකල් ශාන්ත ඇලෝසියස් විද්‍යාලය 2 වන XI, ඩේලි නිවුස් කුසලානයේ ඇක්වයිනාස් විශ්වවිද්‍යාලය සහ කොළඹ රයිෆල් ග්‍රීන් (ගුවන් හමුදා ක්‍රීඩාංගණය) හි දී ලේක්හවුස් කණ්ඩායම පරදවා වර්ෂ 1968 දී වෙළෙඳ සේවා ‘ජී’ කොටසේ ශූරතාව දිනාගත් පළමු AMW ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් චරිතයයි.

සිය වෘත්තියෙන් පෞද්ගලික මෝටර් රථ සමාගමක සහ ප්‍රසිද්ධ කේබල් කර්මාන්ත ශාලාවක නිලධාරියෙකු ලෙස ද කටයුතු කළ පර්සි මහතා ගැන පාකිස්ථාන චියර්ලීඩර් සුෆි අබ්දුල් ජලීල් සඳහන් කර ඇත්තේ තමන්ට ද අවශ්‍ය ව ඇත්තේ පර්සි කෙනෙක් වීමට බව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු ජාත්‍යන්තර තරගය ද නරඹා ඇති ආදරණීය පර්සි අංකල්ගේ ඔල්වරසන් දීම ආරම්භ වී ඇත්තේ 1950 ගණන්වල දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව බවයි වාර්තා වන්නේ.

කවදත් තරග ජය – පැරදුමේ පවා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ ඔල්වරසන් ක්‍රීඩකයින් වෙනුවෙන් එසවුණේ රට වෙනුවෙන් මෙන් ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තිබූ අසීමිත ඇල්ම නිසාවෙන්.

අද දිනයේ දී පර්සි අබේසේකරයන් අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 87 හැවිරිදි වියෙහි පසුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33