කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රයේ අභිවෘද්ධියට ඉදිරි අයවැයට යෝජනා – ඇමති යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන්

ඉදිරි අයවැය සඳහා කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රයේ ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අනුරාධපුර, රාජාංගනය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“විදේශීය ධීවරයන්ට අපේ මුහුදු සීමාවේ මසුන් මැරීමේ කටයුතු සඳහා බලපත්‍රයක් ලබා දී නෑ, බලපත්‍රයක් දීමේ අවශ්‍යතාවකුත් නෑ, හිටපු ධීවර අමාත්‍යයවරයා විදිහට මේ ප්‍රශ්නය නිරාකරණය කරන්න වැඩපිළිවෙලක් මම සකස් කළා, අනවසරයෙන් කරන කටයුත්තට අවසරයක් දීමේ අවශ්‍යතාවක් තියනවා කියලා මම හිතන්නේ. මේ පිළිබඳව සාකච්ඡාවක් කරලා එකඟතාවකට ඒම හොඳයි, කොහොමත් ඒ ගොල්ල මත්ස්‍යයින් ඇල්ලීම කරනවානේ, ඒක නීති විරෝධී ආකාරයෙන්
කරන්නේ පරිසරයටත්, පොළවටත් හානී වන විදිහට නමුත් ඒ අයට බලපත්‍රයක් දීම පිළිබඳව තවම අවසන් එකඟතාවකට ඇවිල්ලා නෑ,ඉල්ලීමක් විතරයි ඇවිත් තියෙන්නේ.
වතු කම්කරුවන්ට සාධාරණයක් වෙන්න ඕන කියන මතයේ මම ඉන්නවා. කර්මාන්තයත් කඩා නොවැටී එම කර්මාන්ත පවත්වාගෙන යාමේ අවශ්‍යතාව තියෙනවා. තේ කර්මාන්තය කඩා වට්ටාගෙන පඩි වැඩි කිරීමෙන් තේරුමක් නෑ, දෙගොල්ල එක්ක සාකච්ඡා කරලා සාමූහික තීන්දුවක් ගැනීමයි වැදගත් වෙන්නේ.ඉදිරියේදී ඒ සාකච්ඡාවන් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. මේ වස‌රේ පළමු වතාවේ විදුලි බිල වැඩි වුණා, දෙවැනි වතාවේ අඩු වුණා, දැන් තුන්වැනි වතාවේ නැවත විදුලි බිල වැඩි වීමක් තියෙනවා, කාටවත් මේ වැඩි වීම හොඳයි කියලා කියන්න පුලුවන්කමක් නෑ, මේ ජීවන තත්ත්වය අමාරුයි, මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ. නමුත් වෙන විසඳුමක් නැති නිසා තමයි මේ තත්වයට ඇවිත් තියෙන්නේ. ඉදිරියේ දී ඒ සඳහා ජනතාවට කුමන ආකාරයෙන් හෝ සහනයක් දිය යුතුයි කියන මතයේ මම ඉන්නවා.
ඉදිරි අයවැය සඳහා කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රයේ ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා, මම විශ්වාස කරනවා ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳවත් අපි දන්නවා, ආර්ථිකය පිළිබඳවත් අපි දන්නවා, ඒ තත්ත්වය තුළ වුණත් මේ වසරේ අපිට උදව් කළා, වගේම මහා භාණ්ඩාගාරයත් ජනාධිපතිතුමත්, ලබන වසරේදීත් ඒ උදව්ව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා, ජනාධිපතිතුමන් හා මහා භාණ්ඩාගාරය රජයේ සේවකයින්ට හා අනෙක් අයටත් යම් සහනයක් ලබාදීම ගැන අවධානය යොමු කරලා තියෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48