ඊශ්‍රායල හමුදාව ගොඩබිම් මෙහෙයුම් පුළුල් කරයි

ගොඩබිම් හමුදාව ගාසා තීරයේ හමාස් සංවිධානය ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් පුළුල් කරන බව ඊශ්‍රායලය පවසනවා.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දැවැන්ත පිපිරීම් ද ගසා තීරයේ ඇතැම් ප්‍රදේශවල දැකගත හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට පලස්තීනුවන් 7,326ක් මිය ගොස් ඇති අතර, ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් 1400කට වැඩි පිරිසක් මිය ගියා.

මේ අතර හමාස් හමුදා අංශය වන ‘අල් කසාම්’ බළකාය පවසා ඇත්තේ ගාසා තීරයේ උතුරු කොටසේ ඊශ්‍රායල හමුදාවේ භූමි ආක්‍රමණයකට මුහුණ දෙමින් සිටින බවයි.

පලස්තීන භූමියට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පසු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළ බව ද හමාස් සංවිධානය ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම ඊශ්‍රායලය ගාසා තීරය හරහා සන්නිවේදන සහ අන්තර්ජාල සබඳතා අත්හිටුවා ඇති බව ද හමාස් සංවිධානය පවසනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා අනතුරු ඇඟවා ඇත්තේ ආහාර, ජලය සහ බලශක්තිය නොමැතිකම හේතුවෙන් ගාසා තීරය “පෙර නොවූ විරූ මානව දුක්ඛිත අවපාතයකට” මුහුණ දෙන බවයි.

“මානුෂීය සටන් විරාමයක්, සියලු ප්‍රාණ ඇපකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීම සහ ජීවිතාරක්ෂක සැපයුම් ලබාදීම සඳහා වන මගේ ඉල්ලීම මම නැවත නැවතත් කියමි,” එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21