ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට හෙවත් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා බලාපොරොත්තු රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට මෙන්ම එංගලන්තයට අතිශය තීරණාත්මක තරගය අද බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මූලික තරග වටයේ 25 වැනි තරගය ලෙසින් පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 2ට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
කණ්ඩායම් දෙකම මෙතෙක් තරග 4 බැගින් ක්‍රීඩා කර ඇති නමුත්, එම තරගවලින් 3 ක්ම පරාජයට පත්ව එක් තරගය බැගින් ජය ලබා සිටින බැවින් අද තරගය ඇතැම් විට මෙම කණ්ඩායම් දෙකටම තරගාවලියේ ඉදිරිය තීරණාත්මක කරනු ලබන කඩඉම් තරගයක් බවට ද පත්ව තිබෙනවා.
මන්ද යත් අද තරගය ජය ගනු ලබන කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යෑමේ බලාපොරොත්තු රඳවා ගත හැකි අතරම පරාජිත කණ්ඩායමට අරමුණක් නොමැති වුව ද සෙසු තරගවලට ක්‍රීඩා කිරීමට සිදුවනු ඇති.
මෙම තරගය ජය ගනු ලබන කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට යෑමේ බලාපොරොත්තු ඉතිරි වුව ද අර්ධ අවසන් වටය සදහා පැමිණීමට නම් ජයග්‍රහණය කරන කණ්ඩායමට ඉදිරියේදී විශාල කාර්යයයක් ඉටු කිරීමට සිදු වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ.
මීට පෙර පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේදී ශූරයින් ලෙස කිරුළ පැළදී එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේත් 1996 වසරේ එක්දින ලෝක ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම එම සටහනේ 8 වැනි ස්ථානයෙත් පසු වනවා.
නෙදර්ලන්ත කණ්ඩායමද තරග 4 කට සහභාගිවී ඉන් එක් තරගයක් ජයගැනීමට සමත්ව සිටින නමුත් ශ්‍රී ලංකාවට සහ එංගලන්තයට වඩා ශූද්ධ දළ ලකුණු වේගය ඉහළ මට්ටමක පැවැතීම නිසා ඔවුන් රැඳී සිටින්නේ එම සටහනේ හත්වැනි ස්ථානයේ යි.
එංගලන්ත කණ්ඩායම තරගාවලිය ආරම්භ කරමින් නවසීලන්තයට එරෙහි තරගය පරාජයට පත් වූ අතර අනතුරුව බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේ ජය වාර්තා කළ ද ඇෆ්ගනිස්තානය හමුවේ අනපේක්ෂිත ලකුණු 69ක පරාජයක් අත්වින්දා. දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති තරගයෙන්ද ලකුණු 229ක නිින්දිත පරාජයක් එංගලන්ත පිල ලබා ඇත්තේ ඔවුන් ලකුණුවලින් ඉතිහාසයේ ලද දරුණුම පරාජයට ද මුහුණ දෙමින්.
තරගාවලිය ආරම්යේදී ශ්‍රී ලංකාවට වඩා එංගලන්ත කණ්ඩායම පැහැදිළිවම දක්ෂතා අතින් ඉදිරියෙන් පසු වුව ද මෙතෙක් පරාජයන් 3 කට මුහුණ දුන්න ද ඔවුන් එම තරගවලදී පිතිකරණයෙන් පැහැදිළි වර්ධනයක් පෙන්නුම් කර තිබීම, ශුද්ධ දල ලකුණු වේගය ඉහළ මට්ටමක පැවැතීමට ප්‍රධාන වී තිබෙනවා. ශ්‍රී ලංකාව හමුවේ පාකිස්තානය මෙන්ම දකුණු අප්‍රිකාව දැවැන්ත ඉනිම ගොඩ නැංවුව ද ඔවුන් හමුවේ ලකුණු 300 කට වඩා ඉලක්කයන් හඹා යෑමට ශ්‍රී ලංකාව සමත් වුණා. ශ්‍රී ලංකාව ජය ගත් නෙදර්ලන්තයට එරෙහි තරගයේදී ද ලකුණු 253ක ඉලක්කයක් හඹා ගොස් ජය ගැනීමද කැපී පෙනෙන සිදුවීමක්.
මෙතෙක් තරග වැදි තරග අතරින් අසාර්ථකම තරගය බවට පත්වූයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී වන අතර එම තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 209කට දැවී ගියා. ශ්‍රී ලංකා කණ්ඩායම එතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන ලද්දේ එක් අවස්තාවක කඩුල්ලක් දැවී ලකුණු 154ක් ලකුණු පුවරුවේ සටහන්ව තිබියදී වීම කණගාටුදායක සිදුවීමක්. එම ලකුණු සංඛ්‍යාව හඹා යෑමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු 5ක් ද දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
සමස්ථයක් ලෙස ගත් විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ශක්තියේ වර්ධනයක් පෙන්නුම් කළ ද පන්දු යැවීමේදී පිතිකරුවන්ව පාලනයේ තබා ගැනීමට පන්දු යවන්නන්ට නොහැකිවීම දැඩි පාඩුවක්. මෙය අද තරගෙය්දී එංගලන්ත කණ්ඩායම අවියක් කර ගැනීමට මාන බලමින් සිටින බැවින් එවැනි අවස්ථාවක් ඔවුන් වෙත නිර්මාණය කර නොදීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවහොත් තරගය පිළිබඳ පැහැදිළි බලාපොරොත්තු තබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙනු ඇති.
වත්මන් ලෝක ශූරයින් වන එංගලන්ත කණ්ඩායම මේ වන විටත් වැටී සිටින මට්ටම අනුව ඔවුන් වෙතට වැඩි පීඩනයක් නැඹුරුව තිබෙන බැවින් එහි වාසිය තමන් වෙත හරවා ගැනීමේ හොඳ වාසියක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබෙනවා.
ක්‍රිකට් උපන් රට ලෙසින් සැලකෙන එංගලන්තය සහ ශ්‍රී ලංකාව මෙතෙක් එක්දින තරග ඉතිහාසයේ අවස්ථා 78කදී මුණ ගැසී තිබෙන අතර එහිදී එංගලන්තය ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවන්නේ ජයග්‍රහණ 2 කින්. ශ්‍රී ලංකාව ජයග්‍රහණය 36ක් වාර්තා කර ගැනීමට සමත් වෙද්දී එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය 38ක් වාර්තා කර ගැනීමට සමත්ව සිටිනවා.
අද තරගය සදහා නෙදර්ලන්තයට එරෙහි තරගයේදී පාදයේ ආබාධයකට ලක් වුණු පිට දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ එංගලන්තයට එරෙහි තරගය සදහා වන තේරීම්වලට උචිත සෞඛ්‍ය මට්ටමකින් පසුවීම ශ්‍රී ලංකා පිලට සැනසිලිදායක කරුණක්. අදාළ ආබාධිත තත්ත්වය නිසා තීක්ෂණව එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකට යොමු කළ අතර එහිදී සඳහන් වූයේ එම ආබාධිත තතත්වය එතරම් බරපතල නොවන බවයි.
මතීෂ පතිරණ ආබාධයකට ගොදුරුව කණ්ඩායමෙන් ඉවත්ව සිටින අතර ඒ සදහා හිටපු නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක්ව සිටිනවා. ඇතැම් විට අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමකින් යුක්තව අවතීර්ණවීමේ ඉඩ කඩක් පවතිනු ඇති අතර එහිදී චාමික කරුණාරත්න වෙනුවට බොහෝ විට ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කිරීමට ඉඩකඩ පවතිනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම – කුසල් මෙන්ඩිස් (නායක), කුසල් ජනිත්, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුනාරත්න, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රජිත, ළහිරු කුමාර, ඩිල්ෂාන් මදුශංක, චාමික කරුණාරත්න.
එංගලන්ත කණ්ඩායම – ජොස් බට්ලර් (නායක), මොයින් අලී, ගුස් ඇට්කින්සන්, ජොනී බෙයාරස්ටෝ, සෑම් කරන්, ලියෑම් ලිවිංග්ස්ටන්, ඩේවිඩ් මාලන්, අදෙල් රශීඩ්, ජෝ රූට්. ජේසන් රෝයි, බෙන් ස්ටොක්ස්, හැරී බෘෘක්, මාක් වුඩ්, බ්‍රයිඩන් කාස්, ක්‍රිස් වෝක්ස්.














AWASAN PURWA KIYANNE QUARTER FINALS NE API DA INNA PLACE EKA 9.APITA PAHALA ENGLAND INNE. ME FIGHT KARANNE 8 WANI PLACE EKATA. ETHAKOTA TEAM 8YI. MATCH 4YI. EKEN TEAM 4K THORANAWA. ETHAKOTA SEMI FINALS NEDHA. MATA DAN MEWA BALANNA EPAAAMA WELA NISA HEWWE NAHE. MEKA KELAWA GATHTHTOTH GEDARA WARELLA. MANADALE CATHUL NAM DINANNE KOHOMADHA. CAPTAIN WORLD CUP EKAK ATHULE AYIN KALA MODA GON WAHELA MANDALE INNAKOTA MEHEMA WENA EKA AHANNA DEYAK DHA.