ශ්‍රී පාදස්ථානයට වඩා මැදමුලන වලව්ව රජයට උතුම් වෙලා – විපක්ෂ නායක

සම්බුද්ධ සාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂිත වූ ස්ථානයක් ලබා දී ඇතත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී පාදස්ථානයට පවා විදුලි බිලක් යොමු කිරීමට රජය කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එලෙස ශ්‍රී පාදයට විදුලි බිලක් ලබා දුන්න ද හිටපු ජනාධිපතිවරයාට, ඔහුගේ පුත්‍රයාගේ විවාහයට විදුලි බිල් ලබා නොදෙන අතර ශ්‍රී පාදස්ථානයට වඩා මැදමූලන වලව්ව, එහි කුමාරවරු සහ ඔවුන්ගේ විවාහ මංගල්‍යයන් උතුම් ද කියා ප්‍රශ්න කර සිටින බවයි ඔහු කියාසිටියේ.

රටේ බලශක්ති ඇමතිවරයා කැබිනට් තීන්දු හා රටේ නීති කඩ කර 3 වැනි වතාවටත් සියයට 400කට වැඩි විදුලි බරක් පටවා ඇති බවත් ලක්ෂ 220ක් ජනතාව අසහනයට පත් වන විට රටේ පාලකයන් සුන්දර ජන ජීවිතයක් ගත කරන බවත් රජය මේ සිදුකරන ක්‍රියා සම්බන්ධයෙන් ලැජ්ඡා විය යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අද මීරිගම කඳන්ගමුව මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින්.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු, විදුහල්පති, අනධ්‍යයන, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, අධ්‍යාපන පරිපාලන සහ සංවර්ධන නිලධාරී ක්ෂේත්‍රයේ සිටින පුද්ගලයන් විශාල කැපකිරීමක් සිදු කරමින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට විශාල වැඩකොටසක් සිදු කළත් අවසානයේ රජයෙන් ඔවුන්ට ලැබුණේ කදුලු ගෑස්, ගුටි බැට ප්‍රහාර, ප්‍රචණ්ඩත්වය හා රාජ්‍ය ත්‍රස්තවාදය බවත් එය කිසිදු අවස්ථාවක අනුමත කළ නොහැකි බව ද ඔහු කියසිටියා. අඩු පහසුකම් හා ප්‍රතිපාදන තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රය පවත්වා ගැනීමට ඔවුන් දරනා මෙහෙය අමතක කළ නොහැකි බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

තවද මත්ද්‍රව්‍ය ජාවාරම පාසල් පද්ධතිය හා දරු පරපුර බිලි ගනිමින් සිටින බවත් මීට සම්බන්ධ මහ මොළකරුවන් ජනතා මුදලින් සිර ගෙවල්වල නඩත්තු වන බවත් ඊසි කෑෂ් ක්‍රමය තුළ මෙය ක්‍රියාත්මක බවත් වත්මන් රජයට එයට විසදුමක් නොමැති වුවත් සමගි ජන බලවේග රජයක් යටතේ සිංගප්පූරුවේ දඬුවම් ක්‍රමය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා කියසිටියා.

එමෙන්ම මත්කුඩු ජාවාරම්කරුවන් බේරා ගැනීමට විවිධ මෙහෙයුම් පවා වර්තමානයේ දියත් වන බවත් මෙය මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයක් බැවින් මෙය මැඩ පැවැත්වීමට විශේෂීය බට කාණ්ඩයක් අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විදේශ රටවල සිටින මැරවරයන් කප්පම් කල්ලි යොදා ගෙන පොහොසතුන්ගෙන් කප්පම් ඉල්ලා සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට රටේ නීති පද්ධතිය පවා කඩා වැටී ඇති බැවින් ඒ සදහා කොන්ද කෙලින් තියා ගෙන නිතිය හා සාමය ශක්තිමත් කිරීමට රටක් ලෙස එකට එකතු විය යුතු බව යි සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04