රට රැකියාව නිමකර ලංකාවට ආ කත ගුවන් යානය තුළ ජීවිතක්ෂයට

කටාර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් සිය සේවා කාළය නිමාකර යළි මෙරටට පැමිණෙමින් සිටියදී ගුවන් යානය තුළ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මොරටුව, කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුගේ ප්‍රියංගිකා දිල්හානි ප්‍රනාන්දු නැමැති 40 හැවිරිදි අවිවාහක කාන්තාවක්.

මෙම කාන්තාව අද (23) අලුයම 01.17ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 662 දරණ ගුවන් යානයෙන් කටුනායක වෙත පැමිණෙමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ කාන්තාවගේ මෘත දේහය මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30