spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රට රැකියාව නිමකර ලංකාවට ආ කත ගුවන් යානය තුළ ජීවිතක්ෂයට

කටාර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් සිය සේවා කාළය නිමාකර යළි මෙරටට පැමිණෙමින් සිටියදී ගුවන් යානය තුළ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මොරටුව, කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුගේ ප්‍රියංගිකා දිල්හානි ප්‍රනාන්දු නැමැති 40 හැවිරිදි අවිවාහක කාන්තාවක්.

මෙම කාන්තාව අද (23) අලුයම 01.17ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 662 දරණ ගුවන් යානයෙන් කටුනායක වෙත පැමිණෙමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ කාන්තාවගේ මෘත දේහය මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
1
+1
1
+1
35
+1
8
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?