කිං කෝලිගේ සුපිරි ඉනිම ඉන්දියාවට ජය කැන්දයි

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සමඟ අද (22) පැවති තරගය ජයගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ධර්මශාල හිදී පැවති මෙම තරගය නවසීලන්තය පරාජය කරමින් ඉන්දියාව ජයගත්තේ කඩුලු 04කින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනයෙන් නවසීලන්තය පළමුව පන්දුවට පහර දුන්නා.

එහිදී නවසීලන්තය නියමිත පන්දුවාර 50 තුළ සියල්ලන් දැවී ලකුණු 273ක් ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

නවසීලන්ත ඉනිමේ නැංගුරම බවට පත් වූ ඩැරල් මිචෙල් සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 127ක් තුල ලකුණු 130ක් රැස් කළා.

ඔහුට අනෙගි සහායක් ලබාදුන් රචින් රවීන්ද්‍ර රැස්කළ ලකුණු සංඛ්‍යාව 75ක්.

අද තරගය වෙනුවෙන් කණ්ඩායමට කැඳවීමේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි ලකුණු 54කට නවසීලන්ත ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 274ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට ඉන්දීය කණ්ඩායම පිටියට පිවිසියා.

එහිදී ඉන්දීය ආරම්භක පිතිකරුවන් ලෙස රෝහිත් ශර්මා ලකුණු 46ක් රැස්කළ අතර ශුම්බන් ගිල් ලකුණු 26ක් රැස් කිරීමට සමත් වුණා.

මෙහිදී ශුම්බන් ගිල් එක්දින පිටියේ වේගවත්ම ලකුණු 2000 සම්පූර්ණ කළ පිතිකරුවා ලෙසට වාර්තා පොත් අතරට පැමිණීමට ද සමත්වීම විශේෂත්වයක්.

ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ සුපිරි පිතිකරු විරාට් කෝලි පන්දු 104ක දී රැස්කළ ලකුණු සංඛ්‍යාව 95ක්.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48ක්‌ තුළ ලකුණු 274ක ඉලක්කය පසුකර යමින් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තා.

මෙම ජයග්‍රහණයත් සමඟ මෙවර ලෝක කුසලාන තරගවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ද ඉන්දීය කණ්ඩායමය හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41