කිං කෝලිගේ සුපිරි ඉනිම ඉන්දියාවට ජය කැන්දයි

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සමඟ අද (22) පැවති තරගය ජයගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ධර්මශාල හිදී පැවති මෙම තරගය නවසීලන්තය පරාජය කරමින් ඉන්දියාව ජයගත්තේ කඩුලු 04කින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනයෙන් නවසීලන්තය පළමුව පන්දුවට පහර දුන්නා.

එහිදී නවසීලන්තය නියමිත පන්දුවාර 50 තුළ සියල්ලන් දැවී ලකුණු 273ක් ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

නවසීලන්ත ඉනිමේ නැංගුරම බවට පත් වූ ඩැරල් මිචෙල් සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 127ක් තුල ලකුණු 130ක් රැස් කළා.

ඔහුට අනෙගි සහායක් ලබාදුන් රචින් රවීන්ද්‍ර රැස්කළ ලකුණු සංඛ්‍යාව 75ක්.

අද තරගය වෙනුවෙන් කණ්ඩායමට කැඳවීමේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි ලකුණු 54කට නවසීලන්ත ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 274ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට ඉන්දීය කණ්ඩායම පිටියට පිවිසියා.

එහිදී ඉන්දීය ආරම්භක පිතිකරුවන් ලෙස රෝහිත් ශර්මා ලකුණු 46ක් රැස්කළ අතර ශුම්බන් ගිල් ලකුණු 26ක් රැස් කිරීමට සමත් වුණා.

මෙහිදී ශුම්බන් ගිල් එක්දින පිටියේ වේගවත්ම ලකුණු 2000 සම්පූර්ණ කළ පිතිකරුවා ලෙසට වාර්තා පොත් අතරට පැමිණීමට ද සමත්වීම විශේෂත්වයක්.

ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ සුපිරි පිතිකරු විරාට් කෝලි පන්දු 104ක දී රැස්කළ ලකුණු සංඛ්‍යාව 95ක්.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48ක්‌ තුළ ලකුණු 274ක ඉලක්කය පසුකර යමින් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තා.

මෙම ජයග්‍රහණයත් සමඟ මෙවර ලෝක කුසලාන තරගවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ද ඉන්දීය කණ්ඩායමය හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41
Video thumbnail
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ ගී රාජිනියගේ නිසල දේහය මහජන ගෞරව සඳහා දහවල් 1 දක්වා තැන්පත් කරයි
07:38
Video thumbnail
"අනේ අයියේ මූව ඉක්මනට ගෙනියපන්..අයියෝ"පස් දෙනෙක් රෝහල් ගතකළ බිහිසුණු අනතුර..
03:46
Video thumbnail
මග්ගොන වෙරළ තීරයෙන් අභිරහස් නිසල සිරුරක් හමුවෙලා..මිනිස්සු වටවෙලා බලන් ඉන්න හැටි
00:54
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:21:05
Video thumbnail
පොලිස්පති එක්ක වටගලත් ඇවිත් පොලිස් මූලස්ථානයේ කරපු දේ
01:36
Video thumbnail
හෙළයේ ගී කෝකිලාවියගේ නිසල දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන යන හැටි
01:48
Video thumbnail
වෙ# වැඳුණු බන්ධනාගාර රැඳවියා රැගෙන යන අයුරු..මෙන්න දැන් ලැබුණු එහි නවතම දර්ශන
01:09
Video thumbnail
නාගොඩ රෝහලේ දැඩි ආරක්ෂාවක් මැද සිටි බන්ධනාගාර රැඳවියෙකුට වෙ# පත්තු වෙයි
01:21


?