හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි ඇමරිකානු ජාතික මවක් සහ දියණියක් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
59 හැවිරිදි ජුඩිත් තායි රනාන් සහ ඇගේ දියණිය වන 17 හැවිරිදි නටාලි ඊශ්‍රායලයේ කිබුට්ස් නහාල් ඕස් ප්‍රදේශයේ දී හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබුණා.
මෙම මව සහ දියණිය නිදහස් කිරීමෙන් පසු ගාසා තීරයෙන් පිටවී ඊශ්‍රායල පිහිටි හමුදා කඳවුරක් වෙත කැඳවාගෙන ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ අතර හමාස් සංවිධානයේ මෙම තීරණය පිළිබඳව තමා අතිශයින් සතුටට පත්වන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
2
+1
+1
3