එජාපයේ විශේෂ සම්මේලනය හෙට (21) කොළඹදී

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය හෙට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

පස්වරු දෙකට එය ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

චීන සංචාරයෙන් පසුව ජනාධිපතිවරයා මෙහිදී ජනතාවට වැදගත් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සමුළුව පැවැත්වෙන සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව කියා සිටියා.

ඔහු තවදුරටත් කියා සිටියේ රටට අවශ්‍ය නව ජාතික එකඟතාවකට සරිලන ව්‍යවස්ථාවක් හෙට එළිදක්වන බවයි.

ජාත්‍යන්තරය දිනා ගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළා.

රාජ්‍යතාන්ත්‍රිකයන් වෙනත් දේශපාලන පක්ෂ හිතවතුන් වෘත්තිය සමිති සිවිල් සංවිධාන මෙන්ම තවත් විශාල පිරිසක් හෙට පක්ෂ සම්මේලනයට සහභාගී වීමට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි ඔහු කියාසිටියේ.

කෙසේවෙතත් හෙට කැඳවා ඇත්තේ ඡන්දය භාවිත කිරීමේ බලය සහිත කණ්ඩායම පමණක් බව මහලේකම්වරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12