ජෙරොම් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන්නේද ? නැද්ද ? තීන්දුව ලබන 12 වනදා

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද නැද්ද යන තීන්දුව නොවැම්බර් මස 14 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙන් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.

අද (20) දිනයේ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී පෙත්සම්කාර දේවගැතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක කරුණු දක්වමින් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකෙළේ යැයි තම සේවාදායකයා සැකකරුවකු වශයෙන් නම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

කිසිදු සාක්ෂිමය පදනමක් නොමැතිව අධිකරණය විසින් එම තීරණය ගෙන තිබෙන බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරයා කියා සිටියා.

පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණුවලට එරෙහිව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම කරුණු දක්වා සිටියා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු දැක්වීම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා නොවැම්බර් මස 03 දාට පෙර ගොනු කරන ලෙස පාර්ශ්වකරුවන්ට නියම කළා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේද පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේද යන තීන්දුව නොවැම්බර් මස 14 වනදා ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරු මඩුල්ල නියමකර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27