IMF එකඟතාව කඩිනමින්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට කඩිනමින්ම එළඹිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වලදී මෙරට ආර්ථිකයේ ප්‍රකෘත්තිය මෙන්ම තිරසරභාවය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

එම කටයුතු වඩාත් වේගවත් කිරීමට අවශ්‍ය සහාය වැඩි කර ගැනීම පිළිබද එම සාකච්ඡාවලදී ප්‍රමුඛත්වය ලැබුණු බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ද මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග පැවති සාකච්ඡාවකදී ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ චීනය / ඉන්දියාව / පැරිස් සමාජය මෙන්ම විදේශීය බැදුම්කර හිමියන් වෙත ගෙවිය යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කොන්දේසි එකග කර ගැනීම පිළිබදව ද අවසන් සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවයි.

චීන එක්සිම් බැංකුව සමග තාවකාලික කොන්දේසිවලට එකගවීමෙන් පසු මේ වන විට අවධානය යොමුව ඇත්තේ 20%ක කප්පාදුවක් සහ නව යෝජනා ඉදිරිපත් කළ අනෙකුත් නිල ණය හිමියන් සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණි බව ද ශෙහාන් සේමසිංහ මහතා සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32