කොත්මලේ ක්‍රීඩාංගණයකින් ඇසෙන අමුතු ශබ්ද ගැන පරීක්ෂණයක්

කොත්මලේ හැදුණුවැව වෑතලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයෙන් මතුවන අද්භූත ශබ්දය පිළිබඳව පේරාදෙණිය භූ විද්‍යා හා පතල් කැණීමේ ඒකකයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් අද පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ කොත්මලේ වෑතලාව ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගණයේ පොළොවෙන් විශාල ශබ්දයක් නැගෙන බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳ සොයා බලා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසටයි ජනතාව ඉල්ලා සිටියේ.

එම ඉල්ලීම මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ දැනුම්දීම පරිදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා හා පතල් කැනීම් ඒකකයේ නිලධාරීන් නිල වශයෙන් පැමිණෙන තෙක් ජනතාවගේ භීතිය තුරන් කිරීමේ අරමුණිනුයි භූ විද්‍යා හා පතල් කැනීම් ඒකකයේ හිටපු ප්‍රධානියෙකු හා භූ ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් මෙම භූමි පරීක්ෂණය සිදු කර ඇත්තේ.

මෙහිදී ආන්දෝලනයට තුඩු දුන් භූමිය පරික්ෂා පරීක්ෂා කිරීමක් සිදු කෙරුණු අතර, එහි තත්ත්වයන් පිළිබඳව හා ඇසෙන ශබ්දයට හේතුව පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට මහාචාර්ය අතුල සේනාරත්න මහතා කටයුතු කර තිබෙනවා.

මීට පෙර වැවක් තිබුණු ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශයේ යටින් ජල කාන්දු වීමක් දක්නට ලැබෙන අතර, එය වර්තමානයේ බරපතළ තත්ත්වයක් නොවන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

එහෙත් ඉදිරියට එය බරපතළ තත්ත්වයක් දක්වා නිර්මාණය විය හැකි ප්‍රවණතාවයක් ඇති බව ද මහාචාර්යවරයා පෙන්වාදී තිබෙනවා.

ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ නිල වශයෙන්ම භූමිය පරීක්ෂාකර භූ විද්‍යා හා පතල් කැනීමේ ඒකකයෙන් පරීක්ෂණ වාර්තාවක් ලබාදෙන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47