රෝහිත් ශර්මාට අකරතැබ්බයක් – ලැම්බෝගිනිය අධික වේගයෙන් පදවලා

අධිවේගී මාර්ගයක අපරික්ෂාකාරී ලෙස මෝටර් රථයක් ධාවනය කිරීම සම්බධයෙන් ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මාට දඩ මුදලක් පැනවීමට එරට පොලිසිය කටයතු කර තිබෙනවා.

පසුගිය දා මුම්බායි – පූනේ අධිවේගී මාර්ගයේ ඔහු මෙලෙස අපරික්ෂාකාරී ලෙස ඔහුගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය පදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ශර්මා සිය මෝටර් රථය මාර්ගයේ නියමිත වේග සීමාවන් ඉක්මවා යමින් කිලෝමීටර් 215ක වේගයකින් පදවා ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

ඔහු මෙම සිදුවීමට මුහුණ පෑ දිනය සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් පිළිබඳව වාර්තා නොවන අතර, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම සතියේ සඳුදා හෝ අඟහරුවාදා දිනයක දී ඊට මුහුණ පා ඇති බවයි.

ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරගය සඳහා ඉන්දීය කණ්ඩායම පසුගිය ඉරිදා දිනයේ පූනේ වෙත පැමිණියා.

කෙසේ වෙතත් ඊට පසු දින ඉන්දීය කණ්ඩායම විවේකි දිනයක් වූ බැවින් ශර්මා සිය පවුලේ අය සමඟ මුම්බායි වෙත ගොස් නැවත ඉන්දීය කණ්ඩායම සමඟ සම්බන්ධ වීමට පූනේ වෙත පැමිණෙමින් සිටිය දී මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14