කාන්තාවකට පෞද්ගලික ආයතනයක් තුළ දී යුවළක් විසින් අමානුෂික අන්දමින් පහරදෙන අයුරු දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන පෙළක් පසුගිය දින කිහිපයේ දී සමාජ මාධ්‍යවල සංසරණය වුණා.
එම පහරදීමේ සිද්ධියට සම්බන්ධ පිරිමි පුද්ගලයා සහ කාන්තාව කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව ඊයේ (14) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරිය අද (15) දින වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කඳාන පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකරු පහරකෑමට ලක්වු කාන්තාවගේ ළගම ඥාතියෙක් වන අතර සැකකාරිය එම පුද්ගලයාගේ බිරිඳ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
මොවුන් විසින් ආනියාකන්ද ප්‍රදේශයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර පහරකෑමට ලක්වූ තරුණිය වසර 3ක පමණ කාලයක සිට මෙම සැකකාර ඥාතියාගේ නිවසේ නතරවී සිට එම ආයතනයේ සේවය කර ඇති බවට විමර්ශණවලදී අනාවරණ වී තිබෙනවා.
සැකකරු සහ සැකකාරිය එම තරුණියගේ ඥාතීන් වීම හේතුවෙන් මෙම පහරදීම සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ එය පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර නොමැති බව සඳහන්.
එහෙත් පහරදීමට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය මෙන්ම රූපවාහිනී ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් පැමිණිලි කිරීමට තීරණය කළ බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.















තරුණිය පැමිණිලි නොකළේ ඇයි..
අසික්කිතයින්ට නිසි දඬුවම් ලබා දියයුතුයි
මේ අය මෙසේ අමානුෂික විදියට කාන්තාවකට පහර දීම මහාමහා අසික්කිත වැඩක්. පොලිසියට පැමිණිලි කලා හෝ නොකලා කියලා මෙය නීතිය ඉදිරියට පමුණුවන්න.
නියමයි…හැබැයි පැමිනිල්ලක් නොදාපු එකත්…??
ඥාතිකම් අදාල නෑ.සේවකයෙකුට සලකන්න දන්නෙ නැති ප්‍රධානියෙකුගෙ ආයතනයක් වර්ඡනය කර ඔහුට සහ ආයතනයට දඬුවම් කල යුතුය.
මෙම කරුණේදී Facebook වල ප්‍රබලත්වය වඩාත් තහවුරු වෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නව ජනාධිපති තුමා ගේ උපදෙස් පරිදි ඉතාම හොඳ තත්ත්වයකට පත් වෙමින් පවතිනවා. මිලියන 22 ± ම අවංකව නිවැරදිව සහ කාරුණිකව සිතන කියන කරන මිනිසුන් බවට පත් වේවා.
RD.COM