පෞද්ගලික ආයතනයක් තුළ දී කාන්තාවකට අමානුෂිකව පහරදුන් යුවළ අත්අඩංගුවට

කාන්තාවකට පෞද්ගලික ආයතනයක් තුළ දී යුවළක් විසින් අමානුෂික අන්දමින් පහරදෙන අයුරු දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන පෙළක් පසුගිය දින කිහිපයේ දී සමාජ මාධ්‍යවල සංසරණය වුණා.

එම පහරදීමේ සිද්ධියට සම්බන්ධ පිරිමි පුද්ගලයා සහ කාන්තාව කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව ඊයේ (14) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරිය අද (15) දින වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කඳාන පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු පහරකෑමට ලක්වු කාන්තාවගේ ළගම ඥාතියෙක් වන අතර සැකකාරිය එම පුද්ගලයාගේ බිරිඳ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මොවුන් විසින් ආනියාකන්ද ප්‍රදේශයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර පහරකෑමට ලක්වූ තරුණිය වසර 3ක පමණ කාලයක සිට මෙම සැකකාර ඥාතියාගේ නිවසේ නතරවී සිට එම ආයතනයේ සේවය කර ඇති බවට විමර්ශණවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරු සහ සැකකාරිය එම තරුණියගේ ඥාතීන් වීම හේතුවෙන් මෙම පහරදීම සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ එය පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර නොමැති බව සඳහන්.

එහෙත් පහරදීමට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය මෙන්ම රූපවාහිනී ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් පැමිණිලි කිරීමට තීරණය කළ බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

Kandana Attack
  1. මේ අය මෙසේ අමානුෂික විදියට කාන්තාවකට පහර දීම මහාමහා අසික්කිත වැඩක්. පොලිසියට පැමිණිලි කලා හෝ නොකලා කියලා මෙය නීතිය ඉදිරියට පමුණුවන්න.

  2. ඥාතිකම් අදාල නෑ.සේවකයෙකුට සලකන්න දන්නෙ නැති ප්‍රධානියෙකුගෙ ආයතනයක් වර්ඡනය කර ඔහුට සහ ආයතනයට දඬුවම් කල යුතුය.

  3. මෙම කරුණේදී Facebook වල ප්‍රබලත්වය වඩාත් තහවුරු වෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නව ජනාධිපති තුමා ගේ උපදෙස් පරිදි ඉතාම හොඳ තත්ත්වයකට පත් වෙමින් පවතිනවා. මිලියන 22 ± ම අවංකව නිවැරදිව සහ කාරුණිකව සිතන කියන කරන මිනිසුන් බවට පත් වේවා.
    RD.COM



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41