දෙදෙනෙක් නැසූ තල්දූවේ වෙඩි තැබීමට ඇල්ලූ සැකකරු නඩු භාණ්ඩ පෙන්වන්න ගිහින් ජීවිතක්ෂයට (වීඩියෝ)

අවිස්සාවේල්ල – තල්දූව ප්‍රදේශයෙ දී තිරෝද රටයකින් ගමන්ගත් පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඉන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දා අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (15) අලුයම් කාලයේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සමඟ සිදුවූ පොරබැදීමකදී මෙම සැකකරු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අදාළ වෙඩි තැබීමේ සිද්ධියේ දී වෙඩික්කරු සමඟ යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු පසුගිය දා (12) හම්බන්තොට, කටුවැව හන්දිය ප්‍රදේශයේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව ඔහු හම්බන්තොට පොලිසිය වෙත භාරදීමෙන් පසු විමර්ශන සඳහා අවිස්සාවේල්ල පොලිසිය වෙත රැගෙන එනු ලැබුවා.

එහිදී වැඩිදුර දින තුනක් රැදවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය අධිකරණයෙන් අවසර ලබාගෙන තිබුණා.

එලෙස සිදුකළ ප්‍රශ්න කිරීම වලදී අනාවරණය වූ කරුණු අනුව නඩු භාණ්ඩ කිහිපයක් පොලිස් භාරයට ගැනීම සඳහා අද (15) අලුයම් කාලයේ අවිස්සාවේල්ල පොලිස් වසමේ මානියංගම, ඇත්පන්තිය පාර ප්‍රදේශයට සැකකරු රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සැකකරු විසින් ඔහුගේ අත්විලංගුවෙන් එහි සිටි පොලිස් නිලධාරියෙකුගේ ගෙළ සිරකර ඇති අතර, එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් එය වැලැක්වීමට උත්සාහ ගෙන තිබෙනවා.

එම උත්සාහ කිරීමේ දී පොලිස් නිලධාරියාට සහ සැකකරුට තුවාල සිදුව ඇති අතර, ඔවුන් දෙදෙනාම අවිස්සාවේල්ල රෝහල වෙත ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එහිදී සැකකරු මියගොස් ඇති අතර, පොලිස් නිලධාරියා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
54
+1
3
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53