ඊශ්‍රායලයට යන්න ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජෝර්දාන දේශසීමාව හරහා ඊශ්‍රායලයට ඇතුලු වූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ මෙම කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට මෙතෙක් නොහැකි වූ බවයි.

ඔවුන් දෙදෙනා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගැනීමට හෙට අවස්ථාක් ලැබෙනු ඇති බව තානාපතිවරයා කියාසිටියා.

මේ අතර මීට දින කිහිපයකට පෙර වෙඩි වැදී තුවා ලැබූ ශ්‍රී ලාංකිකයා ඊශ්‍රායලයට පැමිණ ඇත්තේ ද අනවසරයෙන් බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පෙන්වා දුන්නේ.

ඔහු මිනිස් ජාවාරම්කරුවන්ට රුපියල් ලක්ෂ 40ක මුදලක් ලබාදී ඊශ්‍රායලයට පැමිණ ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.

එම පුද්ගලයාට ඊශ්‍රායලයේ රැඳී සිටීමට වීසා නොමැති වීම හේතුවෙන් ඔහු තුවාල ලැබුව ද අනවසරයෙන් රටට ඇතුලු වී ජීවත් වීම හේතුවෙන් නිත්‍යානුකූලව ලැබෙන කිසිදු හිමිකමක් ලබා ගැනීමට අවස්ථාව නොමැති බව ද තානාපතිවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?