ඊශ්‍රායලයට යන්න ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජෝර්දාන දේශසීමාව හරහා ඊශ්‍රායලයට ඇතුලු වූ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ මෙම කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට මෙතෙක් නොහැකි වූ බවයි.

ඔවුන් දෙදෙනා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගැනීමට හෙට අවස්ථාක් ලැබෙනු ඇති බව තානාපතිවරයා කියාසිටියා.

මේ අතර මීට දින කිහිපයකට පෙර වෙඩි වැදී තුවා ලැබූ ශ්‍රී ලාංකිකයා ඊශ්‍රායලයට පැමිණ ඇත්තේ ද අනවසරයෙන් බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පෙන්වා දුන්නේ.

ඔහු මිනිස් ජාවාරම්කරුවන්ට රුපියල් ලක්ෂ 40ක මුදලක් ලබාදී ඊශ්‍රායලයට පැමිණ ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.

එම පුද්ගලයාට ඊශ්‍රායලයේ රැඳී සිටීමට වීසා නොමැති වීම හේතුවෙන් ඔහු තුවාල ලැබුව ද අනවසරයෙන් රටට ඇතුලු වී ජීවත් වීම හේතුවෙන් නිත්‍යානුකූලව ලැබෙන කිසිදු හිමිකමක් ලබා ගැනීමට අවස්ථාව නොමැති බව ද තානාපතිවරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25