සරන ගුණවර්ධන නිදහස්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ සරන ගුණවර්ධන නිදහස් කර තිබෙනවා.

අද පෙරවරුවේ විත්තිකාර පාර්ශ්වය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිදහස් කරන ලෙසටයි කොළඹ මහාධිකරණ විනිසු නාමල් බණ්ඩාර බලල්ලේ නියෝග කළේ.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු ද වන සරන ගුණවර්ධනට චෝදනා එල්ල වී තිබුණේ; ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ දී මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේ දී රුපියල් ලක්ෂ 28ක මුදලක් රජයට පාඩු කළ බවටයි.

මෙම චෝදනාව එල්ල කරමින් සරන ගුණවර්ධනට එරෙහි ව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය විසින් නඩු පවරනු ලැබුවා.

කෙසේවෙතත් නඩුව අද කැඳවූ අවස්ථාවේ දී විත්තියේ නීතිඥවරුන් මතු කළ මූලික විරෝධතා හේතුවෙන් නඩුකරය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවටයි මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළේ.

2005 වර්ෂයේ සිය 2007 වර්ෂය දක්වා කාලය තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ දූෂණය නමැති වරදට වසර 03කට සිර දඬුවම් නියම වුණු සරණ ගුණවර්ධනට ඇප හිමිවූයේ2020 ජනවාරි මස 07 වැනි දිනයි.

එම ඇප හිමිවීම ද සිදු වූයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය යටතේ යි.

එසේ ඇප හිමිවීමෙන් අනතුරුව ද මෙම නඩුව දීර්ඝ ලෙස කැඳවමින් විභාග කෙරුණු අතර, අද දිනයේ දී විත්තිකාර පාර්ශ්වය නිදහස් කරන ලෙසටයි මහාධිකරණය විසින් නියෝග කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
12
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52