හමාස් භීෂණ මැද මළසිරුරු බෑග්වල බහා ට්‍රක් රථවලට පටවයි

ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් නිසා හමාස් ත්‍රස්ත සංවිධානය විසින් ඊශ්‍රායලයට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ව මේ වනවිට එම ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 1500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ගාසා තීරයේ දේශ සීමා අර්බුදය සහ දේශපාලනික හේතු මතයි දිගු කලක සිට දෙපාර්ශ්වය අතර මෙලෙස ගැටුම් හටගෙන ඇත්තේ.

IDF (ඊශ්‍රායල ආරක්ෂක බලකාය) නිවේදනය කළේ ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලයේ කිබුට්ස් – කෆාර් නගරයේ ආසා හි ගිනිගත් නිවාසවලින් පිටත මියගිය සිය වැසියන්ගේ මෙන් ම පලස්තීන ප්‍රහාරකයන්ගේ සිරුරු තැන්පත් කර ඇති බවයි.

මෙම යුදමය භීෂණය හමුවේ ඊශ්‍රායලයේ දරුවන්ගේ ආරක්ෂාව අනාරක්ෂිත මට්ටමකට පත් ව ඇති බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් මෙම දරුණු ප්‍රහාර සහ ප්‍රති ප්‍රහාරවලින් පලස්තීනයේ ප්‍රහාරකයින් 1500ක් පමණ මියගොස් ඇති බවයි ඊශ්‍රායල ආරක්ෂක බලකාය සඳහන් කළේ.

මෙම ප්‍රහාරවලට අමතර ව පලස්තීන ප්‍රහාරකයින් විසින් ඊශ්‍රායලයේ කෆාර් හි නිවාස ගිනි තබා විනාශ කර ඇති අතර, ඇතැම් නිවාස කොල්ලකා තිබෙනවා.

නිවාස ගිනි ගැනීමෙන් පසු ව ආසා නගරයෙහි පිහිටි බොහෝ නිවාසවල ගෘහ භාණ්ඩ පමණක් නොව, පුපුරා නොගිය අත් බෝම්බ ද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායල හමුදා හමාස් ප්‍රහාරකයින්ගෙන් කිබුට්ස් ආරක්‍ෂා කර පැය කිහිපයකට පසු මේජර් ජෙනරාල් ඉටායි වෙරුව් අඟහරුවාදා CNN වෙත පැවසුවේ තමන්ගේ වෘත්තීය ජීවිතය වසර 40ක් බවත්, එහෙත් එම කාලය තුළ මෙවන් ඛේදවාචකයක් තමන් නොදුටු බවයි.

IDF ගෙයින් ගෙට යමින්, මළසිරුරු බෑග්වලට දමා, ට්‍රක් රථවලට දමා තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF)පැවසුවේ කාන්තාවන්, ළමයින්, කුඩා දරුවන් සහ වැඩිහිටියන්ව හමාස් ත්‍රස්ත සංවිධානය විසින් අමානුෂික අන්දමින් මරා දමා ඇති බවයි.

ගැටුම හටගත් දා සිට ඊශ්‍රායලයේ අවම වශයෙන් සිවිල් වැසියන් 1,200ක් මිය ගොස් ඇති බව IDF ප්‍රකාශක ලුතිනන් කර්නල් ජොනතන් කොන්රිකස් අද පෙරවරුවේ ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51