ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF තුටින්

මෙරට සිදු වන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ එක්සත් ජනපදයේ පැසසුම් හිමි ව තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂිකා ගීතා ගෝපිනාත් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර හමුවක් පැවැත්වුණු බවයි.

මෙම හමුවේදී ගීතා ගෝපිනාත් මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් අගය කිරීම් සිදු කළා.

ණය තිරසාරභාව ප්‍රතිෂ්ඨාපනය කිරීමට ශ්‍රී ලංකාව තුළ දරන ප්‍රයත්න සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ සහයෝගය ද ලබාදෙන බවට ඇය තහවුරු කළ බවයි මුදල් ‍රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

දූෂණ විරෝධී ක්‍රියාමාර්ග හා පිළිගත් පාලන ක්‍රමවේද හඳුන්වාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැනට කරගෙන යන වැඩ කටයුතු පිළිබඳව ද එහි දී අවධානය යොමු වුණා.

මේ අතර එක්සත් ජනපද භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් ද පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සහ යහපාලනය තහවුරු කිරීම සඳහා ගෙන ඇති මෑතකාලීන පියවර පිළිබඳවයි එහිදී සාකච්ඡා කෙරුණේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ව අවධානය යොමු කෙරුණා.

එක්සත් ජනපද රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බවට සහතික වීම සතුටට කරුණක් බවයි මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?