ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF තුටින්

මෙරට සිදු වන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ එක්සත් ජනපදයේ පැසසුම් හිමි ව තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂිකා ගීතා ගෝපිනාත් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර හමුවක් පැවැත්වුණු බවයි.

මෙම හමුවේදී ගීතා ගෝපිනාත් මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් අගය කිරීම් සිදු කළා.

ණය තිරසාරභාව ප්‍රතිෂ්ඨාපනය කිරීමට ශ්‍රී ලංකාව තුළ දරන ප්‍රයත්න සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ සහයෝගය ද ලබාදෙන බවට ඇය තහවුරු කළ බවයි මුදල් ‍රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

දූෂණ විරෝධී ක්‍රියාමාර්ග හා පිළිගත් පාලන ක්‍රමවේද හඳුන්වාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැනට කරගෙන යන වැඩ කටයුතු පිළිබඳව ද එහි දී අවධානය යොමු වුණා.

මේ අතර එක්සත් ජනපද භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් ද පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සහ යහපාලනය තහවුරු කිරීම සඳහා ගෙන ඇති මෑතකාලීන පියවර පිළිබඳවයි එහිදී සාකච්ඡා කෙරුණේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ව අවධානය යොමු කෙරුණා.

එක්සත් ජනපද රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බවට සහතික වීම සතුටට කරුණක් බවයි මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ.

  1. WHATEVER SAID AND DONE BY OUR FELLOWS AND IMF BODIES THEY STRICKLY BIND WITH THEIR IMF EXECITIVE COMMITEE SUGGESSTIONS. HERE POLITICAL BULLS CHANGE ANY THING AND EVERY THING BUT THEY NEVER. THEY CLOSELY MONITORED OUR COUNTRY AND FOUND THE REASONS BEHIND THE SILVER SCREEN, SO THEY ARE NOT BOTHER ABOUT OUR SCARECITIES, THEY ARE KEEN TO TAKE NECESSARY STEPS TO PROTECT THEIR INVESTMENTS HERE AND THE FUNDS THEY ARE GOING TO GIVE US. ONCE THE BULLY CB GOVERNOR DECLARED BANKTRUPCY AND EXPRESSED CANNOT PAY LOAN INSTALLMENTS BACK, THIS KIND OF BULLY INCIDENT NEVER HAPPNED BEFORE. SO TRUST THEY KEPT O US HAS BROKEN BY US. DO YOU THINK THEY WILL INVEST THEIR MONEY WITHOUT AN ADEQUATE CERTIFICATION AND WITHOUT IMPOSING RADICAL CHANGES INCOUNTRYS MONETRY POLICY, TAX POLICY, INCOME POLICY, ADMINISTRATION POLICY, MANAGEMRNT POLICY, LEGAL POLICY, BUDGET POLICY, ADEQUATE ASSURANCE FROM PRESIDENT, PARLIAMNET, COURTS CB GOVERNOR? MADNESS MEN.

  2. රටේ හැමපැත්තකම ආර්ථිකය බිදවැටිලා, තොපේ මොන ප්‍රතිසංස්කරණය ද රටේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කිරිහට්ටි මූණෝ ?

    පිස්සු මීහරක් ගේ අවසන් කාලය. තව මාස 10යි