නතර වූ මාර්ග නඩත්තු සහ මාර්ග ව්‍යාපෘති යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට අතරමග නැවතී ඇති මාර්ග ව්‍යාපෘති මෙන්ම මහා මාර්ග නඩත්තු කටයුතු ලැබෙන මුදල් ප්‍රතිපාදන අනුව ප්‍රමුඛතාව මත නැවත කඩිනමින් ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මේ අනුව අදාළ ආසනවල මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම්ද සලකා බලමින් මාර්ග සංවර්ධන අධිකාරිය සමග ප්‍රමුඛතාව ලබා දීය යුතු මාර්ග පිළිබද නැවත සමාලෝචනයක යෙදීම සඳහා සියලු අදාළ පාර්ශ්ව අමාත්‍යාංශයට කැඳවීමට පියවර ගන්නා ලෙසටයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී පැවති ප්‍රවාහන සහ මහාමාර්ග කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින්.

රටේ පැවති ආර්ථික තත්ත්වය හේතුවෙන් දේශීය ණය අරමුදල් මත ආරම්භ කෙරුණු කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහන, ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ආරම්භ වී ඇති I-Road වැඩසටහන ඇතුළු ව්‍යාපෘතීන් සදහා ප්‍රතිපාදන ලබා දීම ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන තෙක් එම ආයතන විසින් සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා. එබැවින් කෙසේ හෝ නැවතී ඇති මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට එම ණය ආධාර සපයන ආයතන සමග සාකච්ඡා කරමින් අදාළ පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග ව්‍යාපෘති සහ ඒවායේ වත්මන් තත්ත්වය පිළිබද මෙහිදී නිලධාරීන් කරුණු පැහැදිළි කර තිබෙනවා.

වාර්ෂික මාර්ග නඩත්තුව යටතේ කිලෝ මීටර 12000කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් සාමාන්‍යයෙන් නඩත්තු කටයුතු සදහා රුපියල් බිලියන 10ක පමණ මුදලක් හිමි වුවද මේ වසරේ වෙන් කරන ලද බිලියන 6ක පමණ මුදලින් දැනට ලැබී ඇත්තේ බිලියන 3කට ආසන්න මුදලක් බවයි ඔවුන් පෙන්වා දුන්නේ. මේ නිසා මාර්ග නඩත්තුවට බාධා එල්ල වී ඇති බව ද එම නිලධාරීන් සඳහන් කළා.

එසේම කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහනේ මාර්ග කිලෝමීටර් 17000ක වැඩ ආරම්භ කර තිබුනද කිලෝමීටර් 6100ක පමණක් වැඩ අවසන් ව ඇති බවයි හෙළි වූයේ. වැඩ ආරම්භ කර ඇති ඉතිරි මාර්ගවලින් අත්‍යාවශ්‍ය මාර්ග කිලෝමීටර් 1610ක ප්‍රමාණයක් නිම කිරීම සදහා බිලියන 15ක මුදලක් අපේක්ෂා කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියා.

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රතිපාදන මත දැනට වැඩ අතරමග නතරවී ඇති I- Road ව්‍යාපෘතිය පිළිබදවත් මෙහිදී අවධානය යොමු වුණා. ආසියානු සංවර්ධන බැංකුව දැනට ප්‍රතිපාදන ලබා දීම නතර කර ඇති බවත් වැඩ ආරම්භ කර අතරමග නතරවී ඇති මාර්ග සදහා ඩොලර් මිලියන 347ක් අවශ්‍ය වුවද අත්‍යවශ්‍යම මහා මාර්ග සදහා ඩොලර් මිලියන 60ක මුදලක් ලබා දීමට මේ වන විට එකඟතාව පළ කර ඇති බව ද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මේ අනුව මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන පරිදි ප්‍රමුඛතාව අනුව එක් එක් දිස්ත්‍රික්කවල මෙම මාර්ග ව්‍යාපෘති වැඩ ආරම්භ කිරීමට නියමිත බවයි නිලධාරීන් සඳහන් කළේ.

පවතින දේශපාලන ව්‍යුහයන් සමග සම්බන්ධීකරණයෙන් මෙම කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාව පැමිණ සිටි මන්ත්‍රීවරු පෙන්වා දී තිබෙනවා. මේ නිසා ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම්බන්ධීකරණයෙන් මෙම කටයුතු සිදු කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළා. එසේම ඒ සදහා වගකිවයුතු නිලධාරීන් සහභාගී කරවන ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් දුන්නේ.

මේ අනුව කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහන, I-Road ඇතුළු අනෙකුත් ව්‍යාපෘතිවලට අයත් මහාමාර්ග නඩත්තු සහ ඉදිකිරීම් කටයුතු ආසන මට්ටමින් සෑම ආසනයකටම සාධාරණව බෙදී යන පරිදි ප්‍රමුඛතාව මත නැවත සමාලෝචනය කිරීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා. ඒ සඳහා සාකච්ඡා කිරීමට එක් එක් පළාතට අදාළ පාර්ශ්ව අමාත්‍යාංශයට ගෙන්වීම සඳහා දිනයන් වෙන් කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28