ඇමති ප්‍රසන්නගේ බිරිඳට ඉඩමක් පැවරීම ගැන අභියාචනාධිකරණයට පෙත්සමක්

තලවතුගොඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසල රජයට අයත් වගුරු බිමක් ගොඩකර එහි ඉදිකිරීම් සිදුකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ බිරිඳට ලබාදීමේ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා.

දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිකාරියක වන අනිෂ්කා රංජීවි ද සිල්වා විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳවන මොරින් රණතුංග, නීතිපති ඇතුළු 18 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තමන් තලවතුගොඩ, පෙරේරා මාවතේ පිහිටි කෙල්සි හෝම්ස් නමැති නිවාස සංකීර්ණයෙන් නිවසක් මිලදී ගත් බවයි.

එම නිවාස සංකීර්ණයට යාබදව ඇල මාර්ගයක් තිබෙන අතර ඊට යාබදව රජයට අයත් වගුරු බිමක් පවතින බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

පසුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සිටිය දී මෙම ඉඩම නීති විරෝධී ආකාරයෙන් ගොඩකිරීමට පියවර ගෙන ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඉන්පසුව එම ඉඩම තුළ අනවසර ආකාරයෙන් ඉදිකිරීමක් සිදුකිරීමට කටයුතු කරන වන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, පොලිස්පතිවරයා, කඩුවෙල නගර සභාව ඇතුළු ආයතනවලට පැමිණිලි කළත් ඉන් කිසිදු සාධාරණයක් ඉටු නොවූ බව පවසන පෙත්සම්කාරිය තමන්ට එල්ල වූ මරණ තර්ජන නිසා රටින් පළා යාමට සිදු වූ බවත් සඳහන් කළා.

මෙම නීති විරෝධී ක්‍රියාව හේතුවෙන් වැසි ජලය බැසීයාමේ අවහිරතා මතුවි ඩෙංගු උවදුර ව්‍යාප්ත වන තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් පෙත්සම්කාරිය චෝදනා කරනවා.

කරුණු සොයා බැලීමේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ඉඩම් ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳ ලබාදීමට කටයුතු කර ඇති බව අනාවරණය වූ බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඇය පෙන්වා දෙනවා.

ඒ, අනුව අදාළ ඉඩම පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය ඉල්ලා තිබෙනවා.

එමෙන්ම අදාළ ඉඩමේ තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන අධිකාරියට බලකෙරෙන රිට් ආඥාවක් නිකුත් කළ ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම අදාළ ඉඩම ඇල මාර්ගයට සම්බන්ධ රජයේ ඉඩමක් වශයෙන් පැවතීමට ඉඩ දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?