සුපිරි වෙළඳසැලේ දී ගුටි කෑ කත බොරැල්ල පොලීසියෙන් එල්ල වූ බලපෑම් මුල්වරට හෙළිකරයි (වීඩියෝ)

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී තරුණ කාන්තාවකට පහරදීමේ සිද්ධියක් පිළිබඳව පසුගිය දා සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වුණා.

අදාළ සුපිරි වෙළඳසැලේ සේවකයින් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකරන ආකාරය ආරක්ෂිත කැමරාවල පටිගතව තිබුණා.

එම කාන්තාව වෙළඳසැලෙන් භාණ්ඩ සොරාගත් බව පවසමින් මෙම පහරදීම සිදුකර තිබූ බවයි පසුව අනාවරණය වුණේ.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බොරැල්ල පොලිසිය විසින් සිදුකරනු ලැබුවා.

මෙම සිදුවීමට මුහුණ පෑ කාන්තාව අද (29) ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකළ බොරැල්ල පොලීසියේ ඇතැම් නිලධාරීන්ගෙන් තමන්ට බලපෑම් එල්ල වූ බවයි.

එහිදී පොලිස් නිලධාරී විසින් අදාළ සුපිරි වෙළඳසැලට විරුද්ධව කිසිඳු ප්‍රකාශයක් සිදුනොකරන ලෙසට තමන්ට බලපෑම් කළ බවයි ඇය පවසා සිටියේ.

එමෙන්ම හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී සැකකරුවන් හඳුනාගත්ත ද, හඳුනානොගත් ආකාරයෙන් හැසිරෙන ලෙසට ද තමන්ට බොරැල්ල පොලිසියේ නිලධාරීන් විසින් පැවසූ බව එම කාන්තාව සඳහන් කර සිටියා.

ඒ, සඳහා විශාල මුදලක් තමන්ට අදාළ සුපිරි වෙළඳසැල හරහා ලබාදෙන බවට ද පොලිස් නිලධාරීන් පැවසූ බව ඇය සඳහන් කළා.

එමෙන්ම රෝහල් ගතවීමට සූදානම්වන අවස්ථාවේ දී ඒ සඳහා ද පොලිසිය විරුද්ධ වූ බව එම කාන්තාව පැවසුවා.

මේ අතර අදාළ සුපිරි වෙළඳසැලෙන් තමන් කිරිපිටි පැකට්ටුවක් සොරාගත් බවට එම කාන්තාව මෙහිදී පිළිගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
24
+1
38
+1
12
+1
37
+1
13
+1
17
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46