බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී තරුණ කාන්තාවකට පහරදීමේ සිද්ධියක් පිළිබඳව පසුගිය දා සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වුණා.
අදාළ සුපිරි වෙළඳසැලේ සේවකයින් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකරන ආකාරය ආරක්ෂිත කැමරාවල පටිගතව තිබුණා.
එම කාන්තාව වෙළඳසැලෙන් භාණ්ඩ සොරාගත් බව පවසමින් මෙම පහරදීම සිදුකර තිබූ බවයි පසුව අනාවරණය වුණේ.
ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බොරැල්ල පොලිසිය විසින් සිදුකරනු ලැබුවා.
මෙම සිදුවීමට මුහුණ පෑ කාන්තාව අද (29) ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකළ බොරැල්ල පොලීසියේ ඇතැම් නිලධාරීන්ගෙන් තමන්ට බලපෑම් එල්ල වූ බවයි.
එහිදී පොලිස් නිලධාරී විසින් අදාළ සුපිරි වෙළඳසැලට විරුද්ධව කිසිඳු ප්‍රකාශයක් සිදුනොකරන ලෙසට තමන්ට බලපෑම් කළ බවයි ඇය පවසා සිටියේ.
එමෙන්ම හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී සැකකරුවන් හඳුනාගත්ත ද, හඳුනානොගත් ආකාරයෙන් හැසිරෙන ලෙසට ද තමන්ට බොරැල්ල පොලිසියේ නිලධාරීන් විසින් පැවසූ බව එම කාන්තාව සඳහන් කර සිටියා.
ඒ, සඳහා විශාල මුදලක් තමන්ට අදාළ සුපිරි වෙළඳසැල හරහා ලබාදෙන බවට ද පොලිස් නිලධාරීන් පැවසූ බව ඇය සඳහන් කළා.
එමෙන්ම රෝහල් ගතවීමට සූදානම්වන අවස්ථාවේ දී ඒ සඳහා ද පොලිසිය විරුද්ධ වූ බව එම කාන්තාව පැවසුවා.
මේ අතර අදාළ සුපිරි වෙළඳසැලෙන් තමන් කිරිපිටි පැකට්ටුවක් සොරාගත් බවට එම කාන්තාව මෙහිදී පිළිගනු ලැබුවා.














own ohommai
උසාවියෙන් උපරිම වන්දියක් ලබාදිය යුතුයි පහරදීම සම්බන්ධයෙන් පිලිකුල් ආ හෙළා දැකීම වැරදි වලට දඬුවම් දෙන ක්‍රම තිබිල කට්ටියගේ ඇඟෙන් හයිය පෙන්නුවට ලස්ස එක හමාරක වත් වන්දියක් ලබාදිය යුතුයි සැලකිය යුත්තන් නොසලකා හැරීම පහරදීම රටේ මිනිස්සු හදන්නනම් ඒතැනට ආවොත් පමණයි