විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංවිමෙන් ඉල්ලීමක්

නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පසුගිය කාල සීමාව තුළ රට පුරා පැවති නියං කාලගුණික තත්ත්වය හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැය වූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා මෙලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට අවසර දෙන ලෙසයි ඉල්ලා ඇත්තේ.

ඒ, අනුව ලබන ජනවාරි මාසයේ විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේ දී සිදුකිරීමට එමඟින් ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ.

මෙම වසර තුළ ගිගාවොට් පැය 4,500ක ජල විදුලි ධාරිතාවක් අපේක්ෂා කළ ද නිෂ්පාදනය කිරීමට හැකිවූයේ ගිගාවොට් පැය 3,750ක් පමණක් බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.

ඒ, හේතුවෙන් ගිගාවොට් පැය 750ක් තාප බලාගාරවලින් අතිරේකව ලබාගැනීමට සිදුවූ බව එම මණ්ඩලය පවසනවා.

එලෙස සිදුකළ විදුලිය ලබාගැනීම් වෙනුවෙන් දැරීමට සිදුවූ අතිරේක පිරිවැය ආවරණය කර ගැනීම සඳහා මෙම ඉල්ලීම මහජන උපයෝගීතා කොමිසම වෙත සිදුකර තිබෙනවා.

මේ අතර ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් (LECO) සමාගමේ විදුලි බිලට මේ මස සිට 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ලබන සැප්තැම්බර් 08 වනදා සිට එය බලපැවැත්වෙන බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04