රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රඳවා ගැනීමේ බද්ධ හේතුවෙන් මෙතෙක් මුහණදීමට සිදු වූ අසාධාරණයට විසඳුමක් ලබාදෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රතාශ කළේ අද (27) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම ගැටළු සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා 1944 නව දුරකථන අංකයක් ද හඳුන්වා දී ඇති බවයි.
මේ දක්වා රුපියල් ලක්ෂයකට අඩු තැන්පත් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම තැන්පතු සඳහා පොළී මුදල් ලබාගත හැකි වූයේ වසරක් ගතවීමෙන් පසුවයි.
ඊයේ (26) දිනයේදී නිකුත් කළ නව චක්‍රලේඛය අනුව වසරක් ගත නොවූව ද රුපියල් ලක්ෂයට අඩු තැන්පත් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම පොළී මුදල් ලබාගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.
අමාත්‍යවරයා පැවසූයේ මේ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සෑම කාර්යාලයකම වෙනම නිලධාරීයෙකුද පත් කර ඇති බවයි.
මේ දක්වා බදු සීමාවට වඩා අඩු ආදායමක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම තැන්පතු සඳහා පොළී ලබාගැනීමේ දී ගැටළු රැසකට මුහුණදීමට සිදුව තිබූ අතර, ඔවුන්ට තම පොළී මුදල් ලබාගැනීමට වසරක කාලයක් බලා සිටීමට සිදුව තිබුණා.
මේ හේතුවෙන් අසාධාරණයට ලක්ව සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් විසඳුමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීම් කර තිබුණා.




