දයාසිරි ලබාගත් වාරණ නියෝගය අත්හිටුවීමට අධිකරණය තීන්දු කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකරගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවීමට කොළඹ දිසා අධිකරණය අද (26) නියෝග කළා.

හිටපු මහලේකම් දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ඔක්තෝම්බර් මස 05 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ දිසාවිනිසුරු සඳුන් විතාන මහතා විසින් ඉකුත් දා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණා.

එහෙත් දයාසිරි ජයසේකර වෙත මෙවැනි ලිපියක් නිකුත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලය තිබෙන බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.

පැමිණිලිකරු සත්‍ය කරුණු වසන් කරමින් මෙම වාරණ නියෝගය ලබාගෙන තිබෙන බැවින් එම වාරණ නියෝගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ මුස්තාෆා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලූ දිසා අධිකරණය අදාළ වාරණ නියෝගය අත්හිටුවන ලෙස අද (26) නියෝග කරනු ලැබුවා.

අනතුරුව නඩුව නැවත නොවැම්බර් මස 05 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

දයාසිරි ජයසේකර අධිකරණය හමුවේ ගොනුකළ පැමිණිල්ල තුළින් දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළේ යැයි චෝදනා කරමින් තමාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වන බවත් ඊට අදාළව නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ඉකුත් 18 වනදා පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලිපියක් නිකුත් කර ඇති බවයි.

එවැනි නිදහසට කරුණු ඉල්ලා ලිපියක් යොමුකිරීමට පක්ෂයේ සභාපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ බලයක් නොමැති බවයි දයාසිරි ජයසේකර කියා සිටින්නේ.

ඒ, අනුව අදාළ ලිපිය නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා දයාසිරි ජයසේකර විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12