හිඟ බදු ගෙවිය යුතු ග්ලෝබ් බ්ලෙන්ඩර් සහ වයඹ ස්ප්‍රිතු ගබඩා සමාගම් ආගිය අතක් නෑ (වීඩියෝ)

ප්‍රමාද වූ සුරාබදු ගෙවීම් සඳහා ආයතන 7ක් පවතින අතර ඉන් සමාගම් දෙකක් බිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබුණත් ඔවුන් සම්බන්ධ කිසිදු තොරතුරක් තවමත් ලැබී නොමැති බව පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

අනෙක් සමාගම් ගෙවීම් සැලසුම්වලට අනුව කටයුතු කළද මෙම සමාගම් ද්විත්වය ගෙවීම් සැලසුම් ඉදිරිපත් කර නොමැති බවයි මෙහිදී හෙළිදරව් වී ඇත්තේ.

අදාළ සමාගම් දෙක ග්ලෝබ් බ්ලෙන්ඩර් සහ වයඹ ස්ප්‍රිතු ගබඩාව යන සමාගම් බව ද මෙහිදී අනාවරණ වුණා.

ක්‍රම සහ විධි කාරක සභාව ඊයේ (20) පෙරවරුවේ එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූ අවස්ථාවේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කරුණු හෙළි කර තිබෙනවා.

එමෙන්ම අදාළ සමාගම් තම හිඟ බදු ඔක්තෝබර් 15 දිනට පෙර ගෙවීමේ අවශ්‍යතාව යළි අවධාරණය කෙරුණු අතර, එසේ නොකළහොත් ඔක්තෝබර් 30 වනදා වන විට බලපත්‍ර අත් හිටුවීමක් සිදු කළ යුතු බවයි අවධාරණය කෙරුණේ. මත්පැන් අලෙවි ආයතනවලට බලපත්‍ර ලබා දීමේදී යම් තැන්පතුවක් (Deposit/Bond) තබා ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී කාරක සභා සභාපතිවරයා විසින් පෙන්වා දී තිබෙනවා.

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකරය මුද්‍රණ කටයුතු සිදු කිරීමේ වංචාව සිදුවී ඇත්තේ කෙසේද යන්න පුළුල් ලෙස විමර්ශනය කළ යුතු බවයි කමිටු සභාපතිවරයා අවධාරණය කළේ. කාලාන්තරයක් මුළුල්ලේ මහා පරිමාණයෙන් සිදුව ඇති මෙම දැවැන්ත වංචාව නිසා රජයට අහිමි වූ බදු මුදල් ප්‍රමාණය අතිවිශාල බව ද කමිටුව පෙන්වා දෙනු ලැබුවා.

2023 09.07 වන දින සිට ව්‍යාජ ස්ටිකර් සම්බන්ධ කොපමණ ප්‍රමාණයක් දඩ ලෙස අය කරගෙන ඇත්ද යන්න සම්බන්ධ වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන් සභාපතිවරයා; මුදල් අමාත්‍යාංශය මගින්, ව්‍යාජ ස්ටිකර්වලින් සුරාබදු දෙපාර්තමේන්තුවට අහිමි වූ ආදායම ගණනය කර කාරක සභාව වෙත වාර්තා කරන ලෙස ද, නියෝග කළා.

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි සිදු කර ඇති බවත්, එම කටයුත්ත සිදුවූ ස්ථානය සහ සිදු කළේ කවුරුන් ද යන්න තවමත් ස්ථිරව කිව නොහැකි බවත්, සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කළ අතර, කමිටු සභාපතිවරයා නියෝග කළේ මේ මස අග වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් මෙම කටයුත්ත සිදු කර ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ තොරතුරු ස්ථිර කරගන්නා ලෙසටයි.

සාම්පල වශයෙන් පරීක්ෂාවට ලක්වූ මත්පැන් බෝතල් 60532 කින් 55000 ආසන්න ප්‍රමාණයක් ව්‍යාජ ස්ටිකරය සහිත බෝතල් බව ද මෙහිදී හෙළිවී තිබෙනවා. ව්‍යාජ ස්ටිකර් සම්බන්ධ වැටලීම් දිගින් දිගටම සිදු කරගෙන යන බවත්, එම වැටලීම්වලින් 90%කට වැඩි ප්‍රමාණයක ස්ටිකර් ව්‍යාජ ඒවා බවත්, සුරාබදු නිලධාරීන් විසින් අනාවරණය කරනු ලැබුවා. එහිදී කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ සිල්ලරව මත්පැන් අලෙවි කරන ආයතන මෙම ව්‍යාජ ස්ටිකර් යෙදූ ඒවා ඉවත් කළා ද නැද්ද යන්න සම්බන්ධව වාර්තාවක් අවශ්‍ය බවයි. දිගින් දිගටම අදාළ වැටලීම් සිදු කළ යුතු බවත්, දඩ ගැසීමේ ක්‍රියාවලිය දිගටම සිදු කරන ලෙසත් දඩ ගැසූ දින සිට මින් ඉදිරියට ව්‍යාජ ස්ටිකර් සහිත බෝතල් අලෙවි කළහොත් මත්පැන් විකිණීමේ බලපත්‍රය අහෝසි කිරීම සඳහා කටයුතු කරන ලෙසත්, මෙහිදී අවධාරණය කෙරුණා.

පළමු වතාවේ ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් අලෙවි කළ අය දෙවැනි වතාවේ එසේ කර නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් කියා සිටියේ.

මෙම ස්ටිකරය සැපයීම සදහා ටෙන්ටර් කැදවීම, අදාළ තාක්ෂණික කමිටුව ඇතුළු සියලු තොරතුරු කමිටුවට ලබා දෙන ලෙස ද නියෝග කෙරුණා. එසේම අලුතින් ටෙන්ඩර් කැදවා මෙම ස්ටිකරය මුද්‍රණ කටයුතු ලබා දෙන ලෙස ද මුදල් අමාත්‍යාංශයට කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15