වල්‌ ඌරු රංචුවක් මෝටර්‌ රථය බෑවුමක් පහළට පෙරලයි

ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ වැලිමඩ-උඩුපුස්සැල්ලාව මාර්‌ගයේ පන්නලවෙල ප්‍රදේශයේ දී රාත්‍රියේ ගමන්‌ ගත්‌ මෝටර්‌ රථයකට වල්‌ ඌරන්‌ රංචුවක්‌ පැනීම හේතුවෙන්‌ අනතුරක්‌ සිදුව තිබෙනවා.

එම අනතුරින්‌ මෝටර්‌ රථයේ ගමන්‌ ගත්‌ සිව්‌ දෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත්‌ කර ඇති අතර මෝටර්‌ රථයට බරපතල හානි සිදුව ඇත.

අනතුරට ලක්‌ වූ මෝටර්‌ රථය වැලිමඩ දෙසට ගමන්‌ කරමින්‌ සිටියදී මාර්ගය හරහා වල්‌ ඌරු රංචුවක්‌ පැන ඇති අතර එම රංචුව රථයේ ගැටීම හේතුවෙන්‌ රථය විසි වී පහලින්‌ පිහිටි නිවසක මිදුලට පෙරලී ගොස්‌ තිබේ.

මෙම අනතුරින්‌ මෝටර්‌ රථයට ද දැඩි හානි සිදුව තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?